lakbima.lk

ලොරි රථයක් පෙරළි හත් දෙනෙකුට තුවාල

වවුනියාව, මඩුකන්ද ජාතික පාසල ඉදිරිපිටදී ලොරි රථයක් පෙරළීමෙන් අද(11) උදැසන පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව, මඩුකන්ද පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ගොම පොහොර රැගෙන ඒම වෙනුවෙන් වවුනියාව සිට ත්‍රිකුණාමලය දෙසට ගමන්ගත් ලොරි රථයක් පාසල ඉදිරිපස වංගුවේදී පෙරළි මාර්ගයේ අනෙක් පසට ඇදී ගොස් ඇනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ලොරි රථයේ ගමන්ගත් හත් දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව, මඩුකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව - මාධව කුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.