lakbima.lk

ගංජා සමග යාපනයේදී අයෙක් අත්අඩංගුවට

කේරල ගංජා කිලෝ ග්‍රෑම් 7යි ග්‍රෑම් 200ක් සමගපුද්ගලයෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් වු මාදගල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි

යාපනය වඩුක්කෝට්ටේ සිත්තන්කේනි ප්‍රදේශයේ දීයාපනය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (11) සවස 5ට පමණ මෙම වැටලීම සිදුකර ඇත

අද(12) දින සැකකරු මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.‍

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.