lakbima.lk

ගලේවෙල අඹුසැමි යුවලක් ඝාතනය කරයි

අඹුසැමි යුවලක් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳව ගලේවෙල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ගලේවෙල, දේවහුව එකේ ඇල ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය කියයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙදරු පියෙකු වන  ගාමිණී සුරවීර (52 ) හා ඔහුගේ බිරිද  වන  ඒ.ජි.අනුලාවතී (51 ) යන දෙදෙනාය.

ඊයේ රාත්‍රී 8.30 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර අසල්වාසීන්ගේ දැනුම්දීම මත  පොලිසිය අදාල නිවෙසට පැමිණෙන විට  ඝාතනයට ලක්ව සිටි දෙදෙනාගේ මළසිරුරු දෙක හමුවී ඇත. 

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගලේවෙල පොලිසිය පරික්ෂණ  සිදුකරයි.

දඹුල්ල - අශෝක එරමිනිගම්මන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.