lakbima.lk

ලංගමයේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ අදායම් පහළට

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආදායම රුපියල් මිලියන 30 කින් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 8 කින් පමණ පහත වැටී තිබේ.

ශ්‍රී ලංගමය දෛනිකව රුපියල් මිලියන 85ක් පමණ ආදායමක් ඉපයූ අතර දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව රුපියල් මිලියන 8ක පමණ ආදායමක් වාර්තා කළේය.

මේ අතර පුද්ගලික බස් කර්මාන්තයේ ද දෛනික ආදායම සියයට 50 කින් පමණ පහතවැටී ඇති බව පවසන බස් සංගම් ප්‍රධානීන් මේ සඳහා මුහුණ දීමට ලීසින් සහනයක් රජයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.