lakbima.lk

මංගලට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා

පාර්ලිමේන්තුවට ව්‍යාජ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම සමබන්ධයෙන් මුදල් ඇමති මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් බාර දෙන බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පදනම් කර ගෙන විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යාංශය සැලසුම් සහගත ලෙස වැදගත් ආර්ථික දත්තයන් පාර්ලිමේන්තුවට සඟවා තිබෙන බැවින් අපගේ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය වශයෙන් මම පක්ෂ නායක වරුන්ට නිර්දේශ කරන්න බලාපොරොත්තු වනවා අමාත්‍යවරයා ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එන්න.  අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට මෙම විශ්වාසභංග යෝජනාව ලියන්නට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා පැවසීය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.