lakbima.lk

අවුරුද්දට අලෙවියට ගෙනා මත් පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට


බලපත්‍රයක් නොමැතිව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වැඩි මිලට අලෙවි කිරිම සදහා සුදානම් කර තිබු මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (12) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
නොර්වුඩ් පොලිස් වසමට අයත් සෙන්ජොන් ටිලරි වතුයායේ වතු නිවාසයක කාමරයක් තුල රජයේ අනුමත මත්පැන් බෝතල් 50 ක් සැකකරු සගවා තිබූ බව වැටලිම සිදු කල නිලධාරින් පැවසීය.
උත්සව සමයේ සැකකරු වැඩි මිලට වතුකරයේ මත්පැන් අලෙවි කිරිමට සුදානම්ව මත්පැන් බෝතල්  50 ක් මිල දිගෙන නිවසේ සගවා තිබෙන බවට ලද තොරතුරක් මත හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය සහ සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.      

හැටන් -  රංජිත් රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.