lakbima.lk

අමිත් වීරසිංහ ලබන 28 දක්වා රිමාන්ඩ්

ඊයේ අත්අඩංගුවට ගත් මහසොන් බලකායේ ප්‍රධානියා වන අමිත් වීරසිංහ ලබන 28 වන දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අධිකරණය නියම කළේය.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුව ජාතීන් සහ ආගම් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයෙන් අන්තර් ජාලයට අදහස් මුදා හැර ඇති බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුව රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.