lakbima.lk

නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලු 4ක් අත්අඩංගුවට

 

ත්‍රිකුණාමලය, රොකී තුඩුව අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (11) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 27 ත් 56 ත් අතර පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයට භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.