lakbima.lk

බදුල්ලේ පොළොව මහ හඬක් සමග සෙලවෙයි


 බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවලට විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බවට එම ප්‍රදේශවාසින් පවසනවා. අද (16) උදැසන 8:30ට පමණ මෙය සිදුවූබවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

තත්පර 3-5ත් අතර පමණ කාලයක් තුළ භුමියේ දෙදිරිමක් සමග ශබ්දයක් ඇසුනු බවට ප්‍රදේශවාසින් ප්‍රකාශ කල බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ  සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.