lakbima.lk

විරෝධතා මැද ගාල්ලේ අනවසර ඉදිකිරීම් ඉවතට (PHOTOS)

  

වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පොලිස් බල ඇණියක් සහ විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් යොදා ගනිමින් පසුගිය සිකුරාදා (15) ගාල්ල දෙවට ප්‍රදේශයේ අනවසර ඉදිකිරිම් 27ක් ප්‍රදේශවාසීන් සහ හිමිකරුවන්ගේ දැඩි විරෝධතා මැඩපවත්වමින් කඩා ඉවත් කිරිමට පියවර ගනු ලැබිය.

මෙම අනවසර ඉදිකිරිම ඉවත් කිරිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණියේ ගාල්ල පොලිස් අධිකාරි සතිශ් ගමගේ මහතාගේ මෙහෙයවිම යටතේ පොලිස් කණ්ඩායමක්ද සමගය. ඉන් අනතුරුව ප්‍රදේශවාසීන්ගේ සහ ඉදිකිරිම් හිමිකරුවන් විරෝධය දක්වමින් ඇති කලබල කාරි තත්ත්වය මැඩලිමට කැරලි මර්දන කණ්ඩායමක්ද කැඳවනු ලැබිය. ඉන් අනතුරුව විරෝධතා මැඩ අදාල ඉදිකිරීම් ඉවත් කිරිම් සිදු කිරිමට පියවර ගන්නා ලදි.

ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.