lakbima.lk

හම්බන්තොටින් අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක් හසුවෙයි

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 කට වැඩි ආසන්න ප්‍රමාණයක්, හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගයේ ගමන් කරමින් තිබු කුඩා ලොරියක් නවත්වන ලෙස සංඥා කළද එය නොනවත්වා ධාවනය කළ බැවින් ලොරිය හඹා ගිය සුරියවැව වල්සපුගල  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද (15) පෙරවරුවේ මෙම ලොරිය සහ පුපුරණ ද්‍රව්‍ය පහළ අන්දරවැවදී  අත්අඩංගුවටගනු ලැබ තිබේ.

ලොරියේ තිබී ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝ 25 කොට්ට 09ක්, අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන ජෙලට් නයිට් කූරු 196ක් සහ විදුලි ඩෙටනේටර් 100ක්  අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලද ඔත්තුවකට අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය  තොගය සොයා ගැනීමට හැකි වි  තිබේ.

සැකකාර රියදුරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බන්තොට පොලිසියට බාර දි තිබේ. පුපුරණ ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.