lakbima.lk

ගෝඨාභයට රට යන්න අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මාර්තු මස 26 දා දින සිට අප්‍රේල් මස 12 දා තෙක් විදේශ ගත වීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දී ඇත.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්ගේ විදේශ ගමන් තහනම් කොට තිබේ.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රී කළ ඉල්ලීමකට අනුව ඔහුට විදේශ ගත වීමට අවසර ලබා දී ඇත .

මේ අතර මෙම සිද්ධියට අදාලව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු  විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව මාර්තු මස 28දා යළි කැදවීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කරන ලදි.

මෙම නඩුවේ අධි චෝදනා සම්බන්ධයෙන් නඩුවේ දෙවැනි ,පස්වෙනි, හයවෙනි සහ හත්වෙනි  විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අද මූලික විරොධතා ඉදිරිපත් කරන ලද අතර එම මූලික විරොධතා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ පිළිතුරු මාර්තු මස 28 දා ඉදිරිපත් කිරීමට නියමිතය.

අද දින මෙම නඩුව විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ  විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවන ලදී.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.