lakbima.lk

කන්ටේනර් රථයක් පෙරළි රියැදුරාට හා පදිකයින් දෙදෙනෙකුට බරපතලයි

ත්‍රිකුණාමලයේ සිට කොළඹට වී තොගයක් ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් අද (15) උදැසන ගලේවෙල නගර මධ්‍යයේදී මාර්ගයේ පෙරලියාමෙන් සිදුවූ අනතුරකින් එහි රියැදුරා හා පදිකයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කර ඇත.

අසාධ්‍ය තත්වයේ පසුවූ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබේ.

අනතුර සිදුවූ ස්ථානයේ විශාල ජනතාවක් නිරන්තරයෙන් ගැවසෙන නමුත් උදැසනම අනතුර සිදුවූ නිසා සිදුවන්නට ගිය මහා අනතුරක් වැළකි ගිය බව සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටිති.

රියදුරාට නින්දයාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සදහන් කරයි.

ගලේවෙල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

දඹුල්ල - අශෝක එරමිනිගම්මන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.