lakbima.lk

පොහොට්ටුවේ මන්ත්‍රී රිය අනතුරින් මරුට

මාදම්පේ කුරුණෑගල මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී නුවන් මෙන්ඩිස් මහතා  මිය ගොස් ඇතැයි මාදම්පේ පොලිසිය කියයි. 

ඒ මහතා ඊයේ රාත්‍රියේ මාදම්පේ සිට සිය යතුරු පැදියෙන් සුදුවැල්ල පැලවත්ත සිය නිවස බලා කුලියාපිටිය මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියදී කුඩා ලොරි රථයක ගැටී අනතුරට ලක්ව ඇති බවත්, රෝහල් ගත කරනවිටද ඔහු මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.
 
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර  මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.