lakbima.lk

ගුරු පුරප්පාඩුවලට හේතුව පළාත් සභාවල වැරදියි

අධ්‍යාපන පද්ධතියට සුදුසුකම් සහිත ගුරුවරුන් බඳවා ගැනීමේ දී බොහෝ අවස්ථාවලදී පළාත් පරිපාලනයේ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් බරපතල ගැටලු මතුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (14) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි. 2018 මැයි 26 වනදා ගැසට් නිවේදනයට අනුව ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් බඳවා ගැනීමේ කටයුතු ප්‍රමාදයට හේතුව මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසීය.

පාසල් සිසුන් මුහුණ දෙන  මානසික ගැටලුවලට නිසි විසඳුම් ලබා දෙමින් ඔවුන් සවිබල ගැන්වීමේ අරමුණින් මනෝ උපදේශනය පිළිබඳ විධිමත් පුහුණුවක් සහිත ගුරුවරුන් 3000 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර තිබූ බවත්, මේ වනවිටත් ඊට අදාළ විභාග පවත්වා ඇති බවත් පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා, පළාත් සභා විසින් නියමිත පරිදි පුරප්පාඩු දන්වා එවීමට කටයුතු නොකිරීම නිසා බඳවා ගැනීමේ දී ගැටලු මතුවන බව මෙහිදී ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම පළාත් සභා විසින් උපාධිධාරීන් සේවයට එක්කර ගැනීමේ දී ඔවුන්ගේ උපාධියට අයත් නොවන විෂයයන් ඉගැන්වීම සඳහා බඳවා ගැනීම හේතුවෙන් අධ්‍යාපන ගුණාත්මක භාවය කඩා වැටී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූවා. අවශ්‍ය නිසි පුහුණුවක් සහිත පිරිස් පද්ධතියට එක් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියා කරන බව ද අවධාරණය කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.