lakbima.lk

බදුල්ලේ සේවක සේවිකාවන් පිරිසක් කම්කරු නිළධාරීන් නිවාස අඩස්සියට ගනී

බදුල්ල ඇගලුම් කර්මාන්ත ශාලාවක  සේවක සේවිකාවන් 487ක් පමණ දෙනාට මාස එක හමාරක මාසික වැටුප නොලැබීම නිසා දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට කඩා වැදී තම ගැටලුවලට විසදුම් දෙන ලෙස ඉල්ලමින් එහි නිලධාරීන් නිවාස අඩස්සියට ගෙන විරෝධතාවයක නිරත විය.

 ඇගලුම් සේවක සේවිකාවන්ට  එම කර්මාන්ත ශාලාවේ පරිපාලනය විසින් දිගින් දිගටම සිදුකරන අකටයුතුකම් සහ මාසික වැටුප නොදීම යන කරුණ හේතුවෙන් කම්කරු කාර්යාලයට කිහිපවතාවක්ම පැමිණිළි ඉදිරිපත් කළත් කම්කරු නිලධාරීන් තමනට කිසිදු සහනයක් නොදීම නිසා කාර්යාලයට කඩා වැදී උද්ඝෝෂණයක නිරත වු බව ඇගලුම් සේවක සේවිකාවෝ කියති.

කාර්යාලය තුළට කඩාවැදුන ඇගලුම් සේවක සේවිකාවන් කෑකෝගසමින් හු කියමින් නොසන්සුන් අයුරින් හැසිරුණු අතර ඔවුන් නිළධාරින් සමග සකච්චාවකද නිරත විය.

සුලක්ෂ පියතිස්ස - බදුල්ල 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.