lakbima.lk

ශ්‍රි පාදස්ථානය වැද පුදා ගත් කාම්බෝජ හිමි නමක් අපවත් වෙයි

කාම්බෝජයෙන් මෙරටට වැඩම කළ හිමි නමක් දික්ඔය මුලික රෝහලේදි ඊයේ (13) පස්වරුවේ අපවත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

මෙසේ අපවත් වි ඇත්තේ සැම්රොන් ඩාන් 90 හැවිරිදි හිමි නමකි.

කාම්බෝජයෙන් පසුගිය දා මෙරටට වැඩම කල සංඝරත්නය සමග අපවත් වි වදාල සැම්රොන් ඩාන් හිමියන් පසුගිය 9 වෙනිදා ශ්‍රි පාදස්ථානය වැඩ පුදාගෙන ආපසු කොළඹ දක්වා යන අතරතුර හදිසියේ රෝගාතුර විම හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ. දික්ඔය රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (13) පස්වරුවේ සැම්රොන් ඩාන් හිමියන් අපවත් විය.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ දික්ඔය මුලික රෝහල වෙත ඊයේ රාත්‍රි ගොස් අපවත් වු කාම්බෝජ හිමිගේ දේහයට අවසන් ගෞරවය දක්වා ඇත.

අපවත් වි වදාල කාම්බෝජ හිමි නමගේ පශ්චත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේදි ඊයේ සිදු කර ඇති අතර දේහය කාම්බෝජ තානාපති කාර්යාලය වෙත භාර දිමට කටයුතු කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

රංජිත් රාජපක්ෂ - හැටන්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.