lakbima.lk

පාර්ලිමේන්තුවට පිටතින් ජල බෝතල් ගෙන ඒම තහනම්

පිටතින් පැමිණෙන අමුත්තන්ට හෝ පාර්ලිමේන්තුවේ සේවකයින්ට පාර්ලිමේන්තු පරිශ්‍රයට ජල බෝතල් රැගෙන ඒම අද(08) සිට තහනම් කර තිබේ.
 
ආරක්ෂක හේතු මත මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

 පාර්ලිමේන්තුවේ සෑම ස්ථානයකම බීමට ජලය ඇති හෙයින් පිටතින් මෙලෙස ජලය ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැති බවයි පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ. පාර්ලිමේන්තු සේවක සේවිකාවන් විසින් රැගෙන එන ලද ජල බෝතල් පාර්ලිමේන්තු පරිශ්‍රයට ගෙනයාමට ආරක්ෂක අංශවලින් අද (08) අවසර ලැබු‍ණේ නොමැත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.