lakbima.lk

ඥානසාර හිමිගේ සිරදඬුවම අවුරුදු 5කට අත්හිටුවයි



සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැදුනැයි මාස 6ක සිරදඬුවම් නියමව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සිර දඬුවම අවුරුදු 05ක් අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය  අද(08) නියෝග කෙළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව 2016 වසරේ ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේදී බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් 2018 ජුනි 14 දා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඩුවම් නියම කෙරුණි.
ඉන් දින 8 කට පසු උන්වහන්සේ එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් සලකා උන්වහන්සේව ඇප මත මුදාහැරුණි.
පසුගිය ජනවාරී මස 30 වන දින ඥානසාර හිමිගේ සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව අද දවසේ ලබා දෙන බවට හෝමාගම අධිකරණය නියෝග කර සිටියේය.
කෙසේ නමුත්  අධිකරණයට අපහාස කිරීමේ නඩුව සම්බන්ධයෙන් ඒ හිමියෝ තවදුරටත් සිරදඬුවම් විඳිති.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.