lakbima.lk

දස වසරක් ඉන්දියා අත්අඩංගුවේ සිටි අයෙක් ගංජා කිලෝ 400 සමග පොලිස් දැලේ


අද අළුයම පෑලියගොඩදී කේරළ ගංජා කිලෝ 400ක් සමග අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා අතර ඉන්දියාවේදී හෙරොයින් සමග අත්අඩංගුවට පත්ව දස වසරක සිරදඬුවම් ලබා නිදහස්වූ පුද්ගලයෙකුද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. තවද ඔහු සන්තකයේ තිබී රිවොල්වරයක් සහ ජීව උණ්ඩ දෙකක්ද හමුවී ඇත. නන්දකුමාර් සිවනන්දන් නම් කඩුවෙළ ප්‍රදේශයේ පදිංචි මොහු ඉන්දියාවේදී හෙරෝයින්  ග්‍රෑම් 700ක් ලඟතබා ගැනීමේ වරදට දස වසරක සිරදඩුවම් විඳ මීට අවුරුදු 3කට පෙර නිදහස්ව ලංකාවට පැමිණ ඇත.


කළු පැහැති බෑග් වල දමා කේරළ ගංජා ගෙන ගිය වැන් රථය පෑළියගොඩ පැරණි පාලම මතදී අත් අඩංගුවට පත්වූ බවත් එම රථයට ආරක්ෂාව සපයමින් ඔත්තු බලමින් ගමන්කළ කාර් රථයක් සමග කාන්තාවක් හා තවත් පිරිමි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


මේ මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට හලාවතට බෝට්ටු මගින් ප්‍රවාහනය කර ඇති අතර එතැන් සිට කුඩා බෝට්ටුවලින් ඇලකන්ද ප්‍රදේශට රැගෙනවිත් තිබේ.
අත්අඩංගුවට පත් කේරළ ගංජා ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 40කි.


 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.