lakbima.lk

ප්‍රභූන් රැසකට අල්ලස් නඩු

 

අල්ලස් ලබා ගැනීම්වලට අදාළව හිටපු නීතිපතිවරයකු, අභියාචනාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු ඇතුළු 50 දෙනෙකුට එරෙහිව පසුගිය වසරේදී නඩු පවරා තිබෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.

විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම්වරයකු සහ විදුලි අධිකාරිවරයෙකු, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, ග්‍රාම නිලධාරිවරු සහ ‍පොලිස් නිලධාරීන් ද මෙම පිරිස අතර සිටින බව එම කොමිෂන් සභාව පවසයි.

පසුගිය 2018 ජනවාරි 01 දා සිට දෙසැම්බර් 15 දා දක්වා කාලය තුළ මෙම නඩු පැවරීම් කර ඇති අතර ඉන් 34ක් මහාධීකරණයේ පැවරූ නඩුවේ අදාළ කාලය තුළ අල්ලස් කොමිසම වෙත පැමිණිලි 3154ක් ලැබි ඇති අතර ඉන් 1979ක් විභාග කිරීම සඳහා සුදුසු යැයි තෝරා ගෙන ඇත. ඊට අමතරව මෙම කාලසීමාව තුළ දී අල්ලස් ලබා ගන්නා අවස්ථාවල වැටලීම් 34ක් කර ඇති අතර ඊට අදාළ සැකකරුවන් 39 දෙනෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගයාත්‍රී ගීගනආරච්චි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.