lakbima.lk

හරක් හොරකමේ ගිහින් මිනී මැරූ මර්ෂුක්ට වසර 32කට පසු ඉරණම විස‍ෙඳෙයි

 

වසර 32කට පෙර තම ඥාති පුතුන් දෙදෙනෙකුට වෙඩි තබා එක් අයෙක් ඝාතනය කිරීම හා අනෙක් තැනැත්තාට තුවාල සිදු කිරීම යන චෝදනා වලට වරදකරු වූ පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද(11) මරණ දඬුවම නියම කර තිබේ.

මෙසේ මරණ දඬුවම නියම වුයේ වීරවිල පදිංචි ශේක් මර්සුක් (69) නමැති පුද්ගලයෙකුටය.

1987 මාර්තු 02 දින වීරවිලදී ගවයන් මිලදී ගැනීමට ගිය අතරේ ගව සොරකමේද යාම හේතුවෙන් ඇති වු ගැටුමක් නිසා සැකකරු විසින් තම ඥාති පුතුන් දෙදෙනාට වෙඩි තබා තිබේ. එම වෙඩි තැබීමෙන් එක් ඥාති පුතෙකු මිය ගිය අතර අනෙක් තැනැත්තා තුවාල ලබා ජීවිතය බේරා ගැනීමට සමත් විය.

සැකකරුගේ එක් ඥාති පුතෙකු වන එම්.එස්. මොහොමඩ් ෆවුස් යන අයට වෙඩි තබා ඝාතතය කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියම කර ඇති අතර අනෙක් ඥාති පුතු වන එම්.එස්. මොහොමඩ් අරූස්ට වෙඩි තබා තුවාල සිදු කිරීමේ චෝදනාවට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවම හා රුපියල් 5000ක දඩයක් නියම කෙරුණි.

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.