lakbima.lk

ගුවන් යානය බිම හෙළු කොටි දෙදෙනාට වසර 5න් ගෙවෙන්න වසර 185ක සිර දඬුවමක්

ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර 37 දෙනකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි එල්.ටී.ටී.ඊ සංවිධානයේ මිසයිල බලඟනයේ සාමාජිකයන් දෙදෙනකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා වසර 185 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.
 
පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ප‍්‍රාහාරයක් එල්ල කර අැතැයි නඩුවේදී කියැවිණි. මිසයිල ප්‍රහාරය එල්ල කර ගුවන් යානය බිම හෙළන අවස්ථාවේ  ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ සහ පොලිසියේ   සාමාජිකයින් සහ යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා ඇතුළු 37 දෙනෙකු සිට ඇත.
 
මෙම සැකකරුවන්ට නීතිපතිවරයා වෙන් වෙන්ව අධිචෝදනා 37 බැගින් ගොනු කර තිබුණු අතර එම සියලුම චෝදනාවලට සැකකරුවන් දෙදෙනා විසින් වරද පිළිගනු ලැබීය.
 
එක් චෝදනාවකට වසර පහ බැගින් මෙසේ වසර 185 බැගින් වෙන් වෙන්ව  බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරිණි. විත්තිකරුවන්ට වෙන් වෙන්ව නියම කෙරුනු මෙම වසර 185 බැගින් වූ සිර දඩුවම් කාලය වසර පහකින් එකවර ගෙවී යන ලෙසට ක‍්‍රියාත්මක කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
  
මෙසේ සිර දඬුවම් නියම වූයේ කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු සාමාජිකයෙකු වන ඉරාෂතුරෙයි ජෙගන් සහ නල්ලාම් ශිව ලිංගම්ටය.
 
2000 වසරේ මාර්තු මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක  මෙම අපරාධය සිදු කර තිබිණි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.