lakbima.lk

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වැඩ අරඹයි



ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 53 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (9) දින උදෑසන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දි ආගමික වතාවත් වලින් අනතුරුව සිය රාජකාරි අරඹනු ලැබීය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආගමික වතාවත් සිදුකර මහා සංඝරත්නය වෙතින් ආශීර්වාද ලබා ගැනිමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වමින් සහ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. මෙම අවස්ථාව සඳහා එක්ව සිටි ජ්‍යෙෂ්ඨ නිළධාරීන් නව මාණ්ඩලික ප්‍රධානී හට සුභපැතුම් පිරිනමන ලදි.

අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, මූල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.