lakbima.lk

හයදෙනකු මැරූ දෙදෙනකුට තොණ්ඩුව

පුද්ගලයින් 06දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද (10) මරණ දඬුවම් නියම කරන ලදී.
 
 ඒ වාහනයක ගමන් කරමින් සිටි පුද්ගලයින් 06දෙනෙකු බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී 1999 වසරේ සැප්තැම්බර් මස 18වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව මත, නීතිපතිවරයා විසින් විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත් කරමිනි.
 
මෙසේ මරණ දඬුවම හිමිවූයේ අදාළ චෝදනාවලට වරදකරුවන් වූ ජූලියගේ ප‍්‍රසන්න සහ සම්පත් ප‍්‍රනාන්දු යන විත්තිකරුවන් දෙදෙනාටය. 
 
දීර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කළ චෝදනා, පර්යේෂණ සාක්ෂි ඔස්සේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවට මහාධිකරණය එහිදී තීන්දු කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.