lakbima.lk

වතු කම්කරුවන්ට 940ක් දෙන්න පාලකයින් කැමති වෙයි - ඇමතිවරු 1000ම ඉල්ලයි

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමයේ මහ ලේකම් හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් හා කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ යන මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (10) දා පෙවරුවේදී නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී වතු සේවක සංගම්  වල ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පැවැත්විණි. 
 
එහිදී වතු සේවකයින් වෙනුවෙන් රුපියල් දාහක වැටුපක් ලබා දීම පිළිබඳව සාකච්ඡා කළ අතර, වතු සමාගම් ප්‍රධානීන් විසින් රුපියල් 940 ක මුදලක් ලබා දිය හැකි බව පැවසුව ද අමාත්‍යවරුන් විසින් රුපියල් දාහක මුදලක් ලබා දිය හැකි බව ඒ අවස්ථාවේදී පෙන්වා දුන් බව පැවසීය. ඉන් පසුව වතු සමාගම් ප්‍රධානීන් මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරියේදී එකඟතාවයකට පැමිණ දැනුම් දීමට කටයුතු කරන බව දන්වන ලද බව අමාත්‍යවරු විසින් වතු සේවක සංගම් ප්‍රධානීන් හට දැනුම් දෙන ලදී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.