lakbima.lk

පක්ෂය තුළ තරුණ නායකයින්ට වැඩි අවස්ථාවක් දෙනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වෙහෙසවී කටයුතු කරන ශක්තිමත් ග්‍රාමීය තරුණ නායකයින්ට පක්ෂය තුළ ඉදිරියට එ්මට වැඩි අවස්ථාවක් ලබා දිමට පක්ෂ නායකත්වය හා ජේ්‍යශ්ඨයින් සමග එක්ව, කටයුතු  කරන බවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස අද (10) පක්ෂ මූලස්ථානෙය්දී වැඩ භාරගත ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගම් මට්ටමේ සිට ජනතාව එකතුකරගත් බලගතු පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යාම තම එකම න්‍යාය පත්‍රය බවත් එ් වෙනුවෙන් ජනපති සමග තමන් දිවා රෑ කැපවී කටයුතු කරන බවය.

පාක්ෂිකයින් අතර කුමන මතවාද තිබුණත් පක්ෂයක් ලෙස වාමාංශික ප්‍රගතශ්‍රීලී දේශපාලන කදවුරක සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ධනවාදි හෝ අන්තවාදී මතවල කටයුතු කළ නොහැකි බවත් ඔහු පැවසීය.

දිස්ත්‍රීක් නායකයින්, ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රීක් බලමණ්ඩල එකතුකර ගත් පක්ෂප්‍රතිසංවිධාන වැඩ පිලිවෙළක් තුළින් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යන බවත් ගම් මට්ටමේ සිට පක්ෂය යළි නගා සිටවන ජයග්‍රාහී වැඩපිළිවලක් තම සතු බවත් නව මහලේකම්වරයා සදහන් කළේය.

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.