lakbima.lk

හැටන් නගරයේ විදුලිය ඇන හිටිම් නිසා පාරිභෝගිකයන් අසීරුතාවට

හැටන් නගරය ආශ්‍රිත ප්‍රදේශ තුල මෙම දිනවල සිදුවන විදුලිය ඇන හිටිම් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව මෙම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන මෙම පුද්ගලයන් පවසනුයේ ප්‍රදේශය තුල විටින් විට සිදුවන විදුලි ඇනහිටිම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.

විටින් විට සිදුවන මෙම විදුලි ඇනහිට් හේතුවෙන් තම වෙලද සැල්වන ශිතකරනවල හා අධි ශිතකරනවල තබා ඇති විවිධ ද්‍රව්‍ය විනාශවිම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව ප්‍රදේශයේ සමහර වෙලදුන් පවසති.

මෙම තත්වයන් පිලගිබදව විදුලි බල මණ්ලයේ හැටන් කාර්යාලයෙන් විමසු විට එහි නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයන් තුල පවතින සුලං හා වැසි තත්වයන් හේතුවෙන් විදුලි කම්බි මතට ගස් හා ගස්වල අතු කඩා වැටිම් හේතුවෙන් විටින් විට විදුලිය ඇනහිටිම් සිදුවන බවත්ය. 

සුදත් සෙල්ලහේවා  - හැටන්
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.