lakbima.lk

ව්‍යාපාරිකයන් ඇඟලුම් කර්මාන්ත ශාලා ඉතියෝපියාවේ අරඹයි

ව්‍යාපාර සඳහා සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් මෙරට ඇඟලුම් කර්මාන්ත ශාලා ඉතියෝපියාවේ ස්ථාපිත කිරීමට ව්‍යාපාරිකයන්  ක්‍රියා කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

වර්ෂ 2015 ජනවාරි මස සිට ගතවූ වසර හතරක පමණ කාලය තුළදී ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ලක්ව ඇති බවත් මෙරට ආර්ථිකය ඉතියෝපියාව ටත් වඩා පහළ තත්වයට පත්ව ඇතැයි ඊයේ (08) පස්වරුවේ මහනුවරදී පැවති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ මහනුවර සහ සෙංකඩගල  හමුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
 

ගතවූ වසර හතරක කාලය තුළ මෙරට සියලු ක්ෂේත්‍රයන් විනාශයට පත් කළ ආණ්ඩුව මේ වන විට වරාය, ගුවන්තොටුපළ ආදී ආර්ථික වශයෙන් වටිනා ස්ථාන විදේශයන්ට අලෙවි කර ඇතැයි කී මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.


දරුවන්ට රැකියා ලබා ගැනීමට තිබුණු අවස්ථාවන් අද අවහිර වෙලා. ඒ වගේම රට තුළ නොයෙකුත් ප්‍රශ්න උද්ගත වී තිබෙනවා. උතුරේ සිට දකුණ දක්වා එක උපාධිධාරියෙකුට හෝ රැකියාවක් ලබාදීමට මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ.

නගරයට සීමා වෙලා තිබුණු මත්ද්‍රව්‍ය  ගමේ ඕනෑම ස්ථානයකින්, ඕනෑම වර්ගයකින් ලබාගැනීමට අද හැකි වෙලා. යුද්ධය අවසන් වෙලා වසර දහයක පමණ කාලයක් තුළ බෝම්බ පිපිරීම පමණක් සිදු නොවුණත් පාස්කු ප්‍රහාරයෙන් පසුව එම දේද සිදුවෙලා තිබෙනවා. මේ නිසා අද ඉතියෝපියාවේ තත්වයට නොව ඊටත් ටත් වඩා පහළ තත්ත්වයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.