lakbima.lk

රංජන්ට එරෙහි නඩුවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

රාජ්‍ය  අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් චෝදනා මාසයක් ඇතුළත ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නීතිපතිවරයාට නියෝග කළේය.

පුද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකදී රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවැති ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු  කර ඇත. 

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් තිදෙනෙකුගේ තීන්දුව තම පාර්ශ්වයට වාසි සහගත ලෙසට ලැබෙනු ඇති බවට රන්ජන් රාමනායක එහිදී පවසා තිබුණි.

මෙම නඩුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12) කැඳවු අවස්ථාවේ තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඒ ප්‍රකාශයෙන් යම් හෙයකින් අධිකරණයට බලපෑමක් සිදු වූවා නම් ඒ සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවයි සඳහන් කර තිබෙන්නනේ.

මෙම පෙත්සම ජූලි මස 30 වැනි දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.