lakbima.lk

මන්නාරම හිටපු ASP ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

මන්නාරම  හිටපු  සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා ඇතුලූ සැකකරුවන් සිව් දෙනෙකු ලබන 25 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැස්බෑව මහෙස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (11) නියෝග කළේය. ඒ පුද්ගලයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට අදාලව පැවැත්වෙන නඩු විභාගය සම්බන්ධයෙනි.

තම සේවාදායකයා මෙම සිද්ධියට කිසිදු සබන්ධයක් නොමැති බැවින් ඔහුට ඇප නියම කරන ලෙසට සැකකරුගේ නිතීඥවරුන් කළ ඉල්ලිමක් ප‍්‍රතික්ෂේප කරමින් මහෙස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ මහෙස්ත‍්‍රාත් පරික්ෂණය අද (11) පැවැත්වූ අවස්ථාවේදී සැකකාර පොලිස් අධිකාරීවරයා ඇතුලූ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.