lakbima.lk

මග මරුවාට තිදෙනෙක් බිලි (PHOTOS)

 

 

ඒ 9 ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේදී වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (15) පස්වරු 2.00 ට පමණ සිදුවූ  අනතුරකින් කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත්  හයදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබේ. තුවාලකරුවන් අතර හිමිනමක් සහ වයස අවුරුදු 14 ක වන දැරියකද  වෙති.

වෑන් රථයේ ගමන්කළ පිරිස අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිදුන් අභියස පැවති ආගමික කටයුත්තකට සහභාගිවී යළි තම ගම් ප්‍රදේශය වන මාතලේ- කවටයාමුණ   බලා එමින් සිට ඇත.

දඹුල්ල දෙස සිට කැකිරාව දෙසට ධාවනයවූ ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

කැකිරාව පොලිසිය පරීක්ෂණ සිදුකරයි. 

දඹුල්ල- අශෝක එරමිණිගම්මන

 

  

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.