lakbima.lk

බෝ අත්තක් කඩා වැටි පෙර පාසල් දරුවන් තුනක් රෝහලේ

නාරම්මල පහමුණේ පෙර පාසලක සිල් සමාදන් වු ළමන් පිරිසක් මතට අසල තිබු බෝ අත්තක් කඩා වැඩි පෙර පාසල් ළමුන් තිදෙනෙකු බරපතල තුවලා ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව නාරම්මල පොලිසිය පැවසීය.

මෙසේ තුවාල ලබා ඇත්තේ නාරම්මල පහමුණේ දීප්ති පෙර පාසලේ ඉගෙන ලැබු දරුවන් තිදෙනෙකි.

පොසෝන් පොහෝය වෙනුවෙන් එම පෙර පාසලේ ළමුන් අසල තිබු බෝ ගස අභියස සිල් සමාදන් වී ඇති අතර ළමුන් දහතුන් දෙනෙකු හා ගුරුවරුන් දෙදෙනෙකු සමග දෙමාපියන් දෙදෙනෙකුද සිට ඇත.

එම අවස්තාවේ බෝ ගසේ අත්තක් ක්ෂ්නිකව ළමුන් සිටි ස්ථානයට කඩා වැටි අනතුර සිදුව ඇත.

එයින් ගුරුවරු දෙදෙනා සහ දෙමාපියන් සුලු තුවාල ලබා ඇති අතර ළමුන් කිහිප දෙනෙකු පමණක් සුලූ තුවාල ලබා ඇත.

පසුව තුවාල ලැබු දරුවන් තිදෙනෙකු නාරම්මල රෝහල වෙත ඇතුලත් කර ඇති අතර පසුව ළමුන් තිදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

මේ වන විට එක් ළමයෙකු බරපතල තත්ත්වයෙන් කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර එකකයේ ප‍්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ෂණ නාරම්මල පොලිසිය මගින් පවත්වයි.

කේ.ඒ්. ජයසූරිය  - පඬුවස්නුවර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.