lakbima.lk

නාවලපිටියේ විදුහල්පතිවරයෙක් කලු පටි පැලද විරෝධතාවයක

2019 වසර සදහා ඡන්ද හිමි නාම ලේකනයට තම නම ඇතුලත් කර නොමැති බව පවසමින් විදුහල්පතිවරයෙක් නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය ඉදිරිපිට කලු පිට පැලද අද (22) උදැසන සිට විරෝධතාවයක නියැලි සිටි.

එ.ලෙච්චුමන් මහතා නාවලපිටිය  ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු නාවලපිටිය හුණුකොටුව දමිල මහා විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් දැනට කටයුතු කරනු ලබයි.

2019 වසර සදහා ඡන්ද හිමි නාමලේකනයට නාවලපිටිය ඉඹුල්පිටිය ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් තම නම ඇතුලත් නොකර වසමේ  අදාල ඡන්ද හිමි නාම ලේකන සම්පර්ණ කර සහකාර මැතිවරණ කොමසාරිස් වරයා වෙත යොමු කර ඇති බවයි එ.ලෙච්චුමන් මහතා කියා සිටින්නේ.

තමන් සතියට දින කිහිපයක් ගිනිගත්හේන ප්‍රදේශයේ තම ඥාති නිවසක නතර වි රැකියාවට පැමිණෙන බවත්, තවත් දින කිහිපයක් නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පිහිටි තම නිවසේ රැදි සිටින බවයි ලෙච්චුමන් මහතා කියා සිටින්නේ.

ග්‍රාමසේවා නිලධාරිවරයා තම නිවසට යාබදව පදිංචිකරුවන්ට ඡන්දහිමි නාම ලේකනය ලබා දි තමන්ට පමණක් ලබා නොදිම යම් කුමන්ත්‍රණයක් ඇති බවත් එ අනුව තමන්ට ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ වලදි ඡන්දය භාවිතා කිරිමේ අයිතිය ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් නැති කර ඇති බවයි එ .ලෙච්චුමන් මහතා චෝදනා කර සිටින්නේ.

 

2006 වසරේ සහ 2014 යන වසරවල පැවති පලාත් පාලන සහ පලාත් සභා මැතිවරණ වල  අපෙක්ෂකයෙකු ලෙස පෙනි සිටි තමන්ට 2019 වසරේ ඡන්ද හිමි නාම ලේකණයට නම ඇතුලත් නොකිරිම තමන්ට සිදු කල දැඩි අසාධාරණයක් බවද ලෙච්චුමන් මහතා කියා සිටියි.

මේ චෝදනාව සම්බන්ධයෙන් නාවලපිටිය ප්‍රාදේශිය ලේකම්වරියට පැමිණිලි කලද ඉන් පලක් නොවු නිසා තමන් මෙම විරෝධතාවය දක්වන බවයි ලෙච්චුමන් මහතා කියා සිටින්නේ.

2019 වසරේ ඡන්ද හිමි නාම ලේකනයට ලෙච්චුමන් මහතාගේ නම ඇතුලත් නොකිරිම සම්බන්ධයෙන් අප නාවලපිටිය ඉඹුල්පිටිය වසමේ ග්‍රාමසේවා නිලධාරි මහින්ද දාස සිරිසේන මහතාගෙන් අප කල විමසුකමට ඔහු කියා සිටියේ 2019 වසර සදහා  ඡන්ද හිමි නාම ලේකණ නිවැස් වලට ගොස් බෙදා හරින අවස්තාවේ එම ඡන්ද දායකයා නිවසේ නොසිටි බවත්, ඔහුට ඡන්ද හිමි නාම ලේකණය ලබා දිමට අවස්තා කිහිපයකදි උත්සහ කලත් ඔහු නිවසේ රැදි නොසිටි නිසා 2019 වර්ෂය සදහා කොට්ඨාශයේ අනෙකුත් ඡන්දදායකයන්ගේ අදාල ඡන්ද හිමි නාම ලේකණ අකෘති පත් සම්පුර්ණ කර පලාතේ  සහකාර මැතිවරණ කොමසාරිවරයා වෙත භාර දුන් බවයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.