lakbima.lk

ජනාධිපති ටජිකිස්ථානයේ සංචාරයක


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
චිනයේ ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටළු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ටජිකිස්ථානය බලා පිටත්ව යයි.

ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන අතර සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට ජනාධිපතිවරයා ටජිකිස්ථානය බලා පිටත්ව යනු ඇත.

මෙම සමුළුවේ සාමාජිකයන් ලෙස චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සහභාගී වන අතර නිරික්ෂක රටක් ලෙස පකිස්ථානය මෙම සමුළුවට සහභාගී වේ. චින - රුසියා මයිමේ තිබෙන රටවල් එක්ව මෙම සමුළුව පවත්වනු ලබයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ 50 කට ආසන්න පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතය.

ලසන්ත වීරකුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.