lakbima.lk

ගස් කඩාවැටීමෙන් 42000කට විදුලිය බිඳවැටේ

 

 


ගස් කඩා වැටීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි බිඳ වැටීමෙන් පාරිභෝගිකයින් 42,000ක් පමණ පීඩාවට පත්ව සිටිනබව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

හෝමාගම, කොට්ටාව, හොරණ, අවිස්සාවේල්ල, පාදුක්ක සහ හංවැල්ල යන ප‍්‍රදේශවලට ඊයේ (15) පස්වරුවේ මෙලෙස විදුලිය බිඳ වැටුණු බවයි විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

ගස් කඩා වැටීමෙන් හානි වූ අධිසැර රැහැන් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇතත් හානි වූ අඩුසැර රැහැන් යථාතත්ත්වයට පත් කිරීම තවදුරටත් සිදු කෙරෙමින් ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.