lakbima.lk

කළුදෑවලින් කාල බෝම්බයක් හසුවේ

මාතලේ කළුදෑවල ප්‍රදේශයේ පළමු පටු මගේ පිහිටි පුද්ගලික ඉඩමක තිබී ප්ලාස්ටික් හා යකඩ බටයක් ආධාරයෙන්  පුපුරුවා  හැරීමට සකස්කර තිබු කාල බෝම්බයක්, ඩෙටනේටර් හතරක්, රතිඤඤා කරල් හයක් ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක් ඊයේ (11 ) රාත්‍රියේ සොයා ගැනීමට මාතලේ පොලිසියට හැකිව තිබේ.

එම පටු මඟේ ගමන්කළ පුද්ගලයෙකු විසින් සැකකටයුතු පාර්සලයක් පිලිබදව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයේ සෝදිසි කිරීමකදී හතරැස් යකඩ  බටයක් තුළ පුපුරණ ද්‍රව්‍ය පුරවා ඩෙටනේටරයක් හා බැටරියක් ආධාරයෙන් සකස් කල බෝම්බයක් පුපුරවා හැරීමට  සකස් කර තිබියදී සොයා ඇත.එම බෝම්බය උකුවෙල යුද හමුදා කණඩායමක් විසින් නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.

මෙහිදී ඇම්පියර් 12 බැටරියක්,පෙන් ටෝච් එකක්,රතිඤඤා කරල් හයක්, ඩෙටනේටර හතරක්, පුපුරණ ද්‍රව්‍ය කුඩු කිලෝ ග්‍රෑම් එකක්, සොයාගෙන ඇත.

මේ පුපුරණ ද්‍රව්‍ය කුමන කරුණක් සදහා ගෙනවිත් දමන්නට ඇතැයි මෙතෙක් තහවුරුවී නොමැති අතර සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන් නොමැත.

මාතලේ පොලිසිය පරීක්ෂණ සිදුකරයි.  

දඹුල්ල-අශෝක එරමිනිගම්මන

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.