lakbima.lk

අතුරුදහන්ව සිටි අලුත් ගෙදර සුදුමැනිකේ සොයා ගනියි

සතියක පමණ කාලයක සිට නිවෙසින් අතුරුදහන්ව සිටි 63 හැවිරිදි සිව්දරු මවකගේ මළසිරුරක්   - මිනිස් වාසයෙන් තොර  ලග්ගල,රඹුක් ඔලුව ගම්මනයෙ ,ගඟ හේන්වල ප්‍රදේශයේ තිබී 09 දින  විල්ගමුවහා   ලග්ගල පොලිසිය විසින් සොයා ගෙන ඇත.  

මෙසේ මියගොස් ඇත්තේ මාතලේ ,විල්ගමුව ,පුස්සැල්ලයාය ප්‍රදේශයේ පදිංචි අලුත් ගෙදර සුදුමැනිකේ  නමැති කාන්තාවකි.

මෙම කාන්තාවගේ අතුරුදහන්වීම පිලිබදව ඇයගේ බාල පුතා වන ඩි.එම්.අනුෂ්ක උදයංග යන අය විසින් විල්ගමුව පොලිසියට පැමිණිලි කර තිබේ.   

සිද්ධිය පිලිබදව විමර්ශන  ආරම්භ කල විල්ගමුව පොලිසිය මියගිය කාන්තාවගේ වැඩිමල් පුතෙකුවන ඩි.එම්.විජේකෝන් (37 ) යන අයට කිසියම් පුද්ගලයෙකු දුරකතනයෙන් කතාකර මව නිදහස කිරීමට නම් රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලු පුද්ගලයෙකු උපක්‍රමශීලිව බකමුණ නගරයේදී කප්පම් මුදල ලබා ගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.මාරක,කුඹුක්කන්දන පදිංචි  27 හැවිරිදි තුෂිත කුමාර නම්වූ සැකකරුවෙකු මෙසේ    සැකපිට අත්අඩංගුවට ගෙන් ඇත.

මෙම සැකකරු මියගිය කාන්තාවගේ ජංගම දුරකතනයෙන් වැඩිමල් පුතාවනවිජේකෝන්ගේ ජංගම දුරකතනයට ඇමතුමක්ගෙන    ඉකුත් 08 දින රාත්‍රී කතාකර මව නිදහස් කිරීමට රුපියල් ලක්ෂ දහයක් කප්පම මුදල ඉල්ලා ඇත.එම මුදල ලබාදීමට එකඟව පසුද 09 දින උදැසන 8.00ට  සැකකරු දඹුල්ල,කණ්ඩලම වැව අසලටද පසුව බකමුණ නගරයේ ස්ථාන තුනක් නම්කර එම ස්ථානවලට පැමිනෙන් ලෙස දැනුම්දී අවසානයේ බකමුණ - ඇලහැර මාර්ගයේ කුණු බක්කියට අදාල මුදල දමන ලෙස නියොග කර ඇත.ඒ අනුව අදාල මුදල කුණු බක්කියට දමා එය ලබා ගැනීමට සැකකරු පැමිණීමත් සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට සඟව සිටි පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ. 

මෙම සැකකරු පොලිසියට ප්‍රකාශ   කර ඇත්තේ මියගිය  කාන්තාව පදිංචි භුමියේ ඇතැයි පැවසෙන නිධානයක් ගැනීමට  මෙම කාන්තාව මුලදී  කැමතිවී සිට පසුව විරුද්ධවීම නිසා කාන්තාව පැහැරගෙන වැන් රථයකින් රැගෙන යන අතරතුර ගෙල මිරිකා ඝාතනය කර රඹුක්ඔලුව ප්‍රදේශයට ගෙනවිත දමු බවටයි.මෙම සිද්ධියට සම්බන්ධ බවට තවත් පුදගලයින් පස් දෙනෙකු පිලිබදව විමර්ශන ආරම්බ කරඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.  

මියගිය කාන්තාවගේ මළසිරුර නාඋල මහේස්ත්‍රාත් අධිකරණයේ  නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා දඹුල්ල මුලික රෝහලේ විශේසඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත.

විල්ගමුව පොලිස් ස්ථාන්ධිපති ප්‍රදීප් නිශාන්ත මහතාගේ උපදෙස් මතඋ.පො.ප.වෙලගෙදර,පො.සැ,ජයශාන්ත (3926 )පො.කො.ගුණරතන (35812 )සිසිර (40442 )සුභසිංහ (68752 ) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති..    

දඹුල්ල - අශෝක එරමිනිගම්මන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.