lakbima.lk


 ඕස්ටේ‍්‍රලියාවේ, වික්ටෝරියා ප‍්‍රාන්තයේ, සිංහල සංස්කෘතික සහ ප‍්‍රජා සේවා පදනම මගින් සංවිධානය කරන ලද, ‘උලූ‍රු’ සංචාරය සඳහා මටද සහභාගී වීමට අවස්ථාවක් ලැබිණ.

‘උලූරු’ පර්වතය පිහිටි ප‍්‍රදේශය,   ඓතිහාසික, සංස්කෘතික සහ ස්වාභාවික යන කරුණු සියල්ලෙන්ම පරිපූර්ණ ජගත් උරුමයක් ලෙස ඹභෑීඣ සංවිධානය මගින් තෝරාගෙන තිබේ.  මෙය  ඕස්ටේ‍්‍රලියාවේ උතුරු  ප‍්‍රාන්තයේ, මධ්‍ය ප‍්‍රදේශයේ පිහිටා තිබෙන  අති විශාල  ශුෂ්ක ප‍්‍රදේශයකි. ‘උලූ‍රු - කාටා ට්ජුටා’   රක්ත කාන්තාර  යන නමින්ද මෙම වනෝද්‍යානය ප‍්‍රසිද්ධියට පත්ව තිබේ.  

‘කාටා ට්ජුටා’ නමින් හැඳින්වෙනුයේ උලූ‍රු පර්වතයේ සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි තවත් පර්වත සමූහයකි. මෙම නම් ආදිවාසික ඇබොරිජන් ජනතාව  විසින් භාවිත කරන ලද නම් වේ. දැනටද එම නම් ඒ ලෙසටම භාවිතයේ පවතී. දැනට වසර 65,000 පමණ පෙර සිට ඇබොරිජන් යන පොදු නමින් හඳුන්වනු ලබන විවිධ ආදිවාසික ගෝත‍්‍ර සියගණනක්   ඕස්ටේ‍්‍රලියාවේ ජීවත්ව සිටි බවට සාක්ෂි  තිබේ. ඔවුන්ගෙන් පැවැත එන්නෝ  දැනටද රටෙහි ජනගහනයෙන් සියයට 3.5 පමණ සිටිති.

 

 අප මෙල්බර්න් සිට උලූ‍රු පර්වතයට තරමක් දුරින් පිහිටි  යුලාරා නම් කුඩා  ගුවන් තොටුපළ දක්වා අභ්‍යන්තර ගුවන් යානයකින් ගමන් කළෙමු. මෙල්බර්න් සිට යුලාරා  දක්වා ගොඩබිමින් යාමට කිලෝමීටර් 2362ක්‌ තිබෙන අතර මෝටර් රථයකින් එම ගමන යාම සඳහා, පැය 25ක්‌ පමණ ගතවේ. ගුවන් යානයෙන් ගමනට ගතවනුයේ පැය තුනකට තරමක් අඩු කාලයකි.

ඉතා කුඩා ‘උලාරා’ ගුවන් තොටට පැමිණෙන විට පස්වරු තුන පමණ විය. අහසේ සිට බලන විට තැනිතලා බිමින් ඉහළට නැගී සිටින රක්ත වර්ණ පර්වතය පැහැදිලිව දැක ගැනීමට හැකිවිය.

වනෝද්‍යානය ඇතුළත විශාල දුර ප‍්‍රමාණයක් ගමන් කිරීමට සිදුවන නිසා,  ඒ සඳහා  ගුවන් තොටෙහි ඇති කුලී වාහන ලබාගැනීමට හැකි විය. අපට නවාතැන් ගැනීම සඳහා උලාරා ගුවන් තොට ආසන්නයේ පිහිටි සංචාරක ගම්මානයේ,ිෑපම අ්කන ්ච්රඑපැබඑි. නම් සියලූ‍ පහසුකම් සහිත නිවාඩු නිකේතන නිවාස කල්තබා වෙන්කර තිබිණි.


දහවල් කාලයේ තද අව් රශ්මිය නිසා උලූරු වනෝද්‍යානය නැරඹීම කිරීමට සිදුවන්නේ අමුතු ආකාරයටය.  අපගේ නැරඹීම් කටයුතු, අලූ‍යම 5.00ට පමණ ආරම්භ කර,  දහවල් 11.00  දක්වාත්, සවස් කාලයේ පස්වරු 3.00 සිට ඉදිරියට රාත‍්‍රී නවය වනතුරු  කළහැකි බවටත් උපදෙස් ලැබී තිබිණි.

ඒ සමගම නිරතුරුවම බීම සඳහා, වතුර බෝතලයක් බැගින් ගෙන යාමද අත්‍යාවශ්‍ය බව දන්වන ලදී.
වනෝද්‍යානය නැරඹීම සඳහා, නිකුත් කළ දින සිට දින තුනක්‌ දක්වා වලංගු ප‍්‍රවේශ පත‍්‍ර වනෝද්‍යාන කාර්යාලයෙන් මිලදී ගතහැකි විය.


පළමු දින සවස්  වරුවේ අපට නියමිත වූයේ, හිරු අවරට ගොස් බැස යන අවස්ථාව එළැඹෙන විට, උලූ‍රු පර්වතය මත පතිත වන හිරු රැස් පරාවර්තනය වීම  මගීන් නිර්මාණය කෙරෙන විචිත‍්‍ර ආලෝක රටා  දර්ශනය දැක බලා ගැනීමයි.


 ඕස්ටේ‍්‍රලියාවේ උතුරු ප‍්‍රාන්තයේ පිහිටි උලූ‍රු පර්වතය රටෙහි සුවිශේෂී සලකුණකි. වැලි ගල් සහිත අවසාදිත පාෂාණයකින් නිර්මාණය වී ඇති පර්වතයේ විවිධ ඛනිජ වර්ග සහ සමහර ඓන්ද්‍රීය ද්‍රව්‍යද ගැබ්වී ඇති බව හඳුනාගෙන තිබේ. මීටර් 348 (අඩි 1,142) ක් පමණ උස ඇති පර්වතයේ  වට රවුම කිලෝමීටර් 9.4 (සැතපුම් 5.8)  කි. වර්ෂය තුළදී ඍතු වෙනස් වීමත් සමග ආලෝක පරාවර්තනය අනුව පර්වතයේ වර්ණයද ක‍්‍රමාණුකුල රටාවකට වෙනස් වේ. දිනපතාම, හිමිදිරි උදයේ හිරු පායන අවස්ථාවේදී සහ සවස් යාමයේ හිරු බැස යන විට පර්වතයේ දිදුලන රක්ත වර්ණය  ඉතාමත් දැකුම්කලූ‍ දර්ශනයකි.


පෙබරවාරි-මාර්තු කාලය  ඕස්ටේ‍්‍රලියාවේ  ගිම්හාන සමය නිසා, මේ දිනවල හිරු බැස නොපෙනී යනුයේ, රාත‍්‍රී අටට පමණය. එදින  අපි සියලූ‍ දෙනාම පස්වරු හත පමණ වන විට, එම දර්ශනය නැරඹීම  සඳහා පහසු ස්ථානයක් සොයා ගියෙමු.


අප පර්වතය අසලට යන විටත් තවත් සංචාරකයෝ විශාල පිරිසක් හිරු බැසයාමේ දර්ශනය නැරඹීමට සුදුසු ස්ථානවලට රොක්වී සිටියහ.


මෙම පර්වතය රක්ත වර්ණයක් ගනු ලබන්නේ එහි ෆෙල්ඞ්ස්පාර් නම් ඛනිජය  බහුලව තිබෙන නිසාය. ෆෙල්ඞ්ස්පාර් ඛනිජයේ  යකඩ මූල ද්‍රව්‍යය   අඩංගු නිසා, දිගු කාලයක් තිස්සේ සුර්යාලෝකයට නිරාවරණය වීම මගින්  ඔක්සිකරණය වී, පර්වතය මතුපිට රතු පැහැයෙන් යුක්ත යකඩ මළ වැනි සංයෝගයක් සෑදෙයි. පර්වතය සහ සම්පූර්ණ භූමියේම පස  ගඩොල් රතු පැහැයක් ගන්නේද  මෙම රසායනික සංයෝගය නිසාය. මෙම ප‍්‍රදේශයට ‘රක්ත කාන්තාරය’ යන නම ලැබී ඇත්තේ එහි පස ගඩොල් පැහැයට හුරු රක්ත වර්ණයකින් යුක්ත නිසාය.   
චාරිකාවේ දෙවන දිනය පෙබරවාරි හතර  වන දා විය.


හෙට උදේ පහට පමණ  සියලූ‍ දෙනාම තමන්ගේ උදේ ආහාරයද රැගෙන, අපගේ නිකේතන සංකීර්ණයේ  ප‍්‍රධාන දොරටුව අසලට නොවරදවා රැස්වන්න. ඉර පායන වේලාව උදේ   6.14 ට. ඒ සඳහා  නැරඹුම් වේදිකාවල හොඳ තැනක් අල්ලා ගැනීමට පැය කාලකටවත් කලින් යන්නට  ඕනෑ.


මෙම පණිවුඩය, පදනමේ ලේකම් සහ චාරිකාවේ ප‍්‍රධාන සංවිධායිකාව  විසින්, අපගේ කණ්ඩායමේ අය නවාතැන් ගෙන සිටි, සෑම නිකේතන නිවාසයකටම පෞද්ගලිකව දන්වන ලදී.

අපි සියලූ‍ දෙනාම දැන්වූ පරිදි, හිමිදිරි පාන්දර පහට පිටත් වීමට සූදානම් වී නියමිත ස්ථානයට රැස්වූයෙමු.
හිරු උදාව නැරඹීම සඳහා යෝජිත ස්ථානයට යාම සඳහා අපට පැයක් පමණ ගතවිය. ඒ වන විටත් සංචාරකයන් විශාල පිරිසක්, පර්වතය ඉදිරිපස කඳු ගැටයක, තට්ටු වශයෙන් සකස් කර තිබුණු නැරඹුම් වේදිකා මත රොක්වී සිටියහ. හිරු උදාව පහසුවෙන් නැරඹිය හැකි ස්ථානයක් අපටද ලැබිණ.

විවිධ රටවල අය සිය ගනණක් ‌නොයෙකුත් ආකාරයේ කැමරා මානා ගෙන, හිරු උදාව ඡායාරුප ගත කිරීම සඳහා නැරඹුම් වේදිකා  මතට වී සිටියහ.

පෙරවරු හය පමණ වන විට පර්වතය මුදුනෙන්, පෙරදිග අහසේ, තරමක දීප්තියක් ඇතිවී එය ක‍්‍රමක‍්‍රමයෙන් වැඩිවන අකාරය අපට පහසුවෙන් දැක ගන්නට  ලැබිණ.

 එම දීප්තිය ක‍්‍රමක‍්‍රමයෙන් වැඩිවී පර්වතයට ඉහළින් ක්‍ෂිතිජය මට්ටමෙන් එක්වරටම ළහිරු රැස් දහරා දසත විහිදුවමින් හිරු උදාවී අරුණැල්ල මගින් වටපිටාව ඒකාලෝක විය. මෙය කාටත්  සදා අනුස්මරණීය දසුනක් වූ බව  නොඅනුමානය.

මෙම දර්ශනය, බොහෝ දුරට, අප කවුරුත් ශ‍්‍රී ලංකාවේදී සිරිපා කරුණා කරන අවස්ථාවලදී  දැක ඇති සිරිපා කඳු මුදුනේ  ”ඉර සේවය”  වැනි ස්වාභාවික සංසිද්ධියකි.

උලූ‍රු ‘ඉර සේවය’ නැරඹීමෙන් පසුව අපි තවත් ඉතා වැදගත් යුතුකමක් ඉටු කළෙමු. එදින, අපගේ ශ‍්‍රී ලංකා මාතාවට බටහිර ආධිපත්‍යයෙන් නිදහස ලැබී හැත්තෑ වසරක් පිරෙන දිනය එදාට යෙදී තිබූ බැවින් අප ජාතික ගීය ගැයුවෙමු.

අපගේ වැඩ සටහනේ මීළඟ කාර්යය වුයේ උලූ‍රු පර්වතයේ සිට තවත් කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි තවත් පර්වත සමුහයක් නැරඹීමයි. උලූ‍රු පර්වතයට වඩා වෙනස් පිහිටිමකින් යුක්ත, මෙම පර්වත සමූහය හඳුන්වනුයේ ‘කාටා ට්ජුටා’ යන ආදීවාසිකයන් විසින් භාවිත කරන ලද නමින් ය. මෙහි විශේෂත්වයක් වනුයේ බොහෝ දුරට ගෝලාකාර එකිනෙකින් වෙන්වූ පර්වත ශිඛර සමුහයක් වන මේවා තනි පර්වතයක් වන උලූ‍රුවලට වඩා වෙනස් ස්වරුපයක් දැරීමයි. මෙම පර්වත සමුහයද ආදිවාසීන්  විසින් පූජනීයත්වයේලා සලකණු ලැබේ.  


එදින සවස්වරුවේ ආදීවාසිකයන්ගේ ඔවුනටම ආවේනික, සංගීත භාණ්ඩයක් වාදනය කිරීම නැරඹීමට අපට අවස්ථාව සැලසිණ. ‘යිඩාකි’ යන නමින් දැක්වෙන ඉතාමත් දිග නළාවක් වැනි මෙම සංගීත භාණ්ඩය මගින් නිපදවෙන නාද රටා, ‘ඩිජෙරි ඩූ’  යන නමින් හැඳින්වේ. අරටුව සහිත එක්තරා වෘක්ෂයක ලීයක කුහරය හාරා මීටර් එකහමාරක් පමණ දිගට සකස් කර ඇති මෙම සංගීත භාණ්ඩයේ සිහින් අග‍්‍රයට දෙතොල් තබා  පිඹින්නේ විශාල අග‍්‍රය බිම  තබාගෙනය. අදිවාසිකයන්ගෙන් පැවැත එන  ශිල්පියෙකු ‘ඩිජෙරි ඩූ’ නළාවක් පිඹීම මගින් නිර්මාණය කරන ලද, විශ්මය ජනක සංගීත රටා කෙරෙහි  අප කාගේත් සිත් ඇදී ගියේය.


 මෙම නළාවේ  ස්වර රටා මැවීම,  ශ‍්‍රී ලංකාවේ අපට හුරු, සක් පිඹීමේදී, වාදනය කරන්නාගේ  ස්වරාලය පමණක් භාවිත කර පිටකරන  ශබ්දය මගින් සංගීත රටා බිහිකරන ආකාරයට  බොහෝ දුරට සමාන බව පෙනේ.

Page 7 of 270

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.