lakbima.lk

 

වෛද්‍යවරයෙකු කය සුවපත් කරයිනම් සිත සුවපත් කිරීම බොහෝවිට භා රවන්නේ හෙදියන්ට හා හෙද නිලධාරින්ටය.වෛද්‍යවරයා නියම කරන බෙහෙත් කලට වෙලාවට දෙනවාට අමතරව කාරුණික වදනින් රෝගියාගේ ඕනෑ එපාකම් සොයා බලන හෙදියක හෝ හෙද නිලදාරියෙකු නිසා රෝගියාගේ සිත සුවපත් වෙයි. නයිටිංගේල් පරපුරේ කාර්ය භාරය එලෙස වුවද ජර්මනියේ හෙද නිලධාරි යෙකුට නම් එය එසේ නොවීය. හෙදියකගේ හෝ හෙද නිලදාරියෙකුගේ උවටැන් හේතුවෙන් රෝගියෙකු සුවපත්වනවා මිස රෝගියෙකු මියනොයන අතර මෙහිදී එසේ සිදුව තිබිනි. මියගියේද රෝගියෙකු දෙන්නෙකු නොව තුන්සියයකට අධික ගනනකි. 2000 -2005 අතර කාලයේ උතුරු ජර්මනියේ රෝහල් දෙකක සේවය ක ල නයිල්ස් හොයෙල් නම් හෙද නිලදාරියා මෙම මරණ සිදුකොට ඇති බව වාර් තාවෙයි. තුන්සියය මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන කණ්ඩායම සැක කරන ගනන වන අතර මොහුට නඩු පවරා ඇත්තේ තමා යටතට යොමුකරන ලද රෝගි න් අසුපස්දෙනෙකු මරණයට පත්කිරීම සම්බන්ධයෙනි.

හතලිස් දෙහැවිරිදි මොහු සම්බන්ධ නඩුව අධිකරණයේ විභාගවෙමින් පැවති අතර පසුගියදා ඒ සම්බන්ධ තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා පවසා තිබුනේ හිටපු හෙද නිලධාරියා සිදුකල වරද විස්තර කල නොහැකි තරම් බරපතල බවය. ජිවිතා න්තය දක්වා සිර දඩුවමට ඒ වනවිටත් යටත්ව සිටි ඔහුට එම තීන්දුවට යම් හෙයකි න් කලකින් නිදහස ලැබුනද හෙද ක්ෂෙත්‍රයට සම්බන්ධ කිසිදු රැකියාවක යෙදීම මි න් ඉදිරියට තහනම් වෙයි. පසුගිය හයවැනිදා නඩුව නැවත අසන ලද්දේ එලෙස ව සර කිහිපයකින් මොහුට නිදහස නොලැබෙන පරිදි නැවත තීන්දුවක් ගැනීමටය. මෙහිදි ඔහු විසින් මරණයට පත්කරන ලද රෝගීන් ගේ නෑ,හිතවතුන් විශාල පිරි සක්ද අධිකරණයට රැස්ව සිටි බව කියැවෙයි. යුධ සමයෙන් පසු සාමකාමීවු ජර් මනිය තුල මේ ආකාරයේ මිනීමැරුම් වැලක් සිදුකල පලමු තැනැත්තා ලෙස මෙ න්ම මේ ආකාරයේ මිනීමැරුම් සිදුකල ලොව පලමු තැනැත්තා නයිල්ස් බවද පරි ක්ෂණ පවත්වන නිලධාරින්ගේ විශ්වාසයයි. මේ නඩුව නිසා දශකයකට පමන ඉහත මියගියතම නෑයාගේ මරණය සම්බන්ධ අභිරහසට විසදුම් ලැබිම හේතුවෙන් මිය ගිය අයගේ ඥාතින්ට එය මහත් අස්වැසිල්ලක් බව ඔවුහු කියති.

මෙම මිනිමැරුම් සිදුකිරීමට හේතුව ලෙස දැනෙන්නේ අමුතුම එකකි. ඒ නයි ල්ස් රෝගින්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි මාත්‍රාවකින් ඖෂධ එන්නත්කොට ඔවු න්ට හෘදයා බාධය ඇතිවු විට වහා ප්‍රථමාධාර ලබාදී ඔවුන්ව යථා තත්වයට පත්කි රිමට පුරුදුව සිටි බවය. මේ හේතුවෙන් බොහෝවිට ඔහු වීරයෙකු ලෙස බුහුමනට පාත්‍රවී ඇති අතර “රෝගින් යථා තත්වයට පත්කරන රැම්බෝ”ලෙස නමක්ද නයිල් ස් ට සගයින් විසින් පටබැද තිබින. නඩු විභාගය සම්බන්ධයෙන් කතාකරමින් වි නිසුරුවරයා පවසා තිබුනේ වරදකරුට දඩුවම් කිරීමට අමතරව මෙම රෝගින් මිය ගිය ආකාරය හා එසේ කිරිමට හේතුව හරියටම දැනගැනීම නඩු විභාගයේ අරමුන බවය. මියගිය අසුපස්දෙනාගෙන් පහලොස්දෙනෙකු සම්බන්ධයෙන් ඔවුන් මරාදැමු බව නිසියාකාරව ඔප්පුකිරිමට සාක්ෂි නොමැති බවද වාර්තා වෙයි.

 “අප ගත් සියඵ උත්සාහයින් අතරේ වුවත් ඉවත් කරගැනිමට හැකිවුනේ මේ අභිරහස වසාගත් මීදුමෙන් කොටසක් පමනක් වීම අපේ දැඩි පසුතැවිල්ලට හේතුවී තිබෙනවා.”යැයි විනිසුරු පවසා තිබේ. මෙවර නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට විනි සුරුවරයා විනාඩි අනුවක කාලයක් ගතකල අතර තමා පවසන දෑ සෘජුව නයිල්ස් දෙස බලාගන පැවසීමටද ඔහු වගබලාගත්තේය. කඵ ටී සර්ට් එකින් සැරසි මාලයක් පැළද සිටි නයිල්ස් ඒ මුඵ කාලය තුලම හිස තම අතක රුවාගෙන සවන්දී සිටි බව කියැවෙයි. මියගිය සියඵ රෝගින්ගේ නම්,ඔවුන්ගේ වෛද්‍ය වාර්තා සහ ඔවුන් මිය ගිය දිනය හා මියගිය ආකාරය ගැන වරින්වර පරික්ෂාකර බලන්නට සිදුවිම මගින් තමා මරණයේ ‍පොත් තබන්නෙකු ලෙස හැගී ගිය බව විනිසුරුවරයා කියයි. මෙම මරණවලින් හතලිස්තුනක් තමා විසින් කල බව නයිල්ස් පිලිගෙන තිබේ. ඇතැම් මරණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී තමාට ඒ ගැන මතකයක් නැති බව පවසා ඇති ඔහු ඉන් පස්දෙනෙකුගේ මරණ තමා නොකල බව තරයේ කියයි. කෙසේවුවද නයිල්ස් මුල සිටම වරින්වර තම ප්‍රකාශයන් වෙනස්කරමින් බොරු කී නිසා අධිකරණ ය ඔහුගේ කතා පිළිබද වැඩි විශ්වාසයක් නොතබයි.

ජර්මනියේ නීතියට අනුව මිනීමැරුමකට වරදකරුවෙකු වු අයෙකුට දියහැකි උපරිද දඩුවම ජිවිතාන්තය දක්වා සිර දඩුවම වන අතර වරදෙහි ස්වාභාවය අනුව ඔහු හෝ ඇයට වසර පහලොවකට පසුව කොන්දේසිවලට යටත්ව නිදහස ලැබිම ටද ඉඩ තිබේ. මේ සම්බන්ධයෙන් මීට පෙර අසන ලද නඩුවෙහි තීන්දුවට අනුව මේ වනවිටත් ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නයිල්ස් ට නියමවී ඇති අතර මෙවර අධිකරණ ක්‍රියාමාර්ගයේ අරමුන වසර පහලොවක් වැනි කාලයකදී මොහුට නිදහස ලැබිම වලක්වාලීමය. අධිකරණයේ අදහස වන්නේ මොහු වැනි අපරාධ කරුවෙකු ට එවැනි නිදහසක් නීතියට අනුව ලැබෙනවානම් ඒ බොහෝ කලකට පසුව හෝ කොහෙත්ම නොලැබියයුතු බවය.

මෙම සිදුවිමෙන් කම්පාවට පත් ජනතාවට වටහාගත නොහැකිව ඇත්තේ මොහු මෙම මරන සිදුකිරිමට හේතුවයි. වීරයෙකු වීමේ උමතුවකින් පෙලෙන මිනී මරුවෙකුගේ චිත්ත ස්වභාවය නයිල්ස් තුලින් පලවන බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි. මොහු විසින් මරාදමා ඇති නියම සංඛ්‍යාව කිසිදිනෙකත් හෙලිනොවන අ භිරහසක් වනු ඇත. නයිල්ස් මෙසේ රෝගින් මරාදමන බවට සැකයක් ඇතිවුනද ඒ ගැන ක්‍රියාත්මක නොවී ඔහු සේවය කල දෙවන රෝහ‍ලේ පාලක මණ්ඩලය නාස් තිකල කාලය මෙන්ම මුල සිටම සැක ඇතිවුවද ඒ ගැන සොයා බැලීමට පලමු රෝහල උනන්දු නොවීම වැනි හේතුන් මත බොහෝ සාක්ෂි කාලයේ වැලිතලා වෙන් වැසීගිය බව පරික්ෂණ පවත්වන නිලධාන්ගේ අදහසයි. ඒ හේතුවෙන් බො හෝ සිදුවිම් මොහු සමග සේවය කල අයට අමතකව ගොස් තිබේ. මෙහිදී නයිල්ස් සේවය කල පලමු රෝහල මීට වඩා ඔහුගේ ක්‍රියාකලාපය ගැන සැලකිලිමත් වුයේ නම් මරණ රැසක් වලක්වාගත හැකිව තිබුනු බවද ඔවුන් පවසති. ඒ වෙනුවට ඔහුව වෙනත් වාට්ටුවකට මාරුකිරිම හා පසුව රෝහලින් ඉවත්වනවිට ඉතා ඉහලින් අස් වීමේ සහතිකයක් ලියාදීමද රෝහල් බලධාරින් සිදුකොට තිබේ. එවැනි අස්විමේ සහ තිකයක් ලබාදී ඇත්තේ රෝගින් සමග කිසිදු සමීප සම්බන්ධතාවයක් නොපැවැ ත්වියුතු බවට දැනුම්දි මොහුට ඉල්ලා අස්වන ලෙසට පැවසීමෙන් පසුවවිම මෙහි ඇති ඛිෙදවාචකයයි. සති කිහිපයක් තුල ඉන් සැතපුම් විස්සක් දුරින් පිහිටි රෝහලක සේවය සදහාගිය නයිල්ස් කිසිදු අවහිරයකින් තොරව තම මිනීමැරුම් කරගෙන ගියේය. වයස අවුරුදු තිස්හතරේ සිට අනුහය දක්වා රෝගින් නයිල්ස් විසින් ඝාතනය කොට තිබේ. මෙහිදී ඔහු හා සේවය කල ඇතැමෙක්ද කුමන හෝ හේතුවක් මත අධිකරණයෙන් කරුනු වසන්කල බවටද සැක පහලවී තිබේ. තීන්දුව අවසානයේ නයිල්ස් තමා මරණයට පත්කල සියල්ලන් සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියද මියගිය පිරිසගේ ඥාතින් එය පිලිගැනිමට සුදානම් නැත.

ජර්මනියේ ලෝවර් සැක්සෝනි හි ඉපිද වැඩුනු නයිල්ස්ගේ පියාද හෙද නිලධා රියෙකි. ඔහුට එක් සොයුරියක් වෙයි. නයිල්ස් මුලින්ම මරණයක් සිදුකිරිමට තැත්කිරි මක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන්නේ 2005 වසරේදිය. එහිදි ඔහු තමා භාර යේ සිටි රෝගියෙකුගේ සිරුරට හිතකර නොවන එන්නතක් විදින්නට යාමේදි වෙනත් හෙදියක විසින් එය දැක තිබිනි. 2008 වසරේදි ඒ සම්බන්ධයෙන් ඔහු වසර හත හමාරකට බන්ධනාගාරයට නියම වෙයි. මොහු මෙලෙස රෝගින් මරණයට පත්කරන්නට ඇති බවට සැකයක් මතුවන්නේ මෙම නඩුව ප්‍රසිද්ධවීමත් සමග ‍පොලිසියට ආ කාන්තාවක් නයිල්ස් භාරයේ සිටි තම මවද ඔහු විසින් මෙලෙස මරණයට පත් කරන්නට ඇතැයි සැක බව පැවසීමත් සමගය. මේ සමග නැවත නයිල්ස් සම්බන්ධ යෙන් පරික්ෂණ ඇරඹි අතර වෛද්‍යවරුන් විසින් නියම නොකරන ලද එන්නත් ලබාදී මොහු මෙසේ රෝගින් මරාදමා ඇති බව හෙලිවිය. 2014 වසරේ නයිල්ස් ගැන මහා පරිමානයේ පරික්ෂණයක් ඇරඹි අතර ඔහුගේ භාරයේ සිටියදී මියගිය ඇතැමෙක්ගේ මල සිරුරුද ගොඩගන්නා ලදි. මෙම මරණ සම්බන්ධයෙන් කල පරික්ෂණ යේදි නයිල්ස් රෝගියෙකු තවදුරටත් රෝගි කොට ඔහුට හෝ ඇයට හෘදයාබාධයක් ඇතිවිය හැකි ආකාරයේ ඖෂධ වර්ග පහක් එන්නත් සදහා යොදාගෙන ඇති බව හෙලිවි තිබේ.

නිශානි දිසානායක

 

Page 6 of 270

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.