lakbima.lk

 

සිය අනියම් බිරියගේ බලවත් පෙරැත්තය මත ඇයගේ විවාහක සැමියා තියුණු පිහියකින් කපා කොටා ලණුවකින් ගෙල සිර කර මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවටපත් කාන්තාවක් හා පුරුෂයකු ජුනි මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් තිසානි තේනබදු මහත්මිය පසුගියදා නියෝග කළාය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කන්තලේ වෙන්ඩ‍්‍රාසන්පුර 01 ප‍්‍රදේශයේ පදිංචි එන්.බී.සුසන්ත නම් දෙදරු පියකු හා ඔහුගේ අනියම් බිරිය වූ ගල්කිරියාගම පදිංචි ඩබ්.එම්.බණ්ඩාර මැණිකේ නම් තිදරු මවයි. 

අපේ‍්‍රල් 17 වැනිදා සිදුවී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සුසන්ත නමැත්තා  මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයේදී ලබා දී ඇති කට උත්තරය අනුව පූර්ව සැපසුමක් ඇතිව මෙම ඝාතනය කොට ඇති බව පෙනී යන්නේය.

“මම කොළඹ වැඩ පොළක වැඩ කරද්දී ගෝලයා වගේ හිටියේ මම අනියම් සම්බන්ධය පවත්වාගෙන ගිය බණ්ඩාර මැණිකේ ගේ ඥාති පුතෙක්. ඒ වෙනකොට, ගිය අවුරුද්දේ (2018) මුල් කාලයේ එයා හිටියේ රට. ගෝලයාට නිතරම කෝල් එනවා මෙයාගෙන්. ඒ ස්මාර්ට් ෆෝන් එකකින්. දවසක් මේක මම බලාගෙන ඉඳලා ගෝලයාට හොරෙන් මෙයාට කතාකළා. එහෙම කතා කරලා පස්සේ අපි දෙන්නා යාළු වුණා. පසුව දිගටම කතා කළා. එයා කිව්වා මම මෙහේ අනාථ වෙලා ඉන්නේ ඉක්මනට ලංකාවට ගෙන්නා ගන්න, මම ඔයත් එක්කම ඉන්න එනවා කියලා. පස්සේ මම ගෙදර තිබුණු මගේ බිරිඳගේ සහ ළමයින්ගේ රත‍්‍රං බඩු උගස් තියලා රුපියල් 50000 ක් යවලා මෙයා ගෙන්නා ගත්තා. 

අපේ සම්බන්ධය බොහෝ දුර දිග ගියා. පස්සේ මෙයා කිව්වා මට මේ මිනිහාගෙන් හරිම කරදරයි. මෙයා එක්ක ඉන්න බෑ. මෙයා වකුගඩු රෝගියෙක්. අපි එකට ඉන්න මෙයාව කොහොම හරි මරමු කියලා. 

ඊට පස්සේ හොඳට කල්පනා කරලා ප්ලෑන්ක් ගැහැව්වා. වකුගඩු රෝගයට බෙහෙත් ගන්න මෙහෙ හොඳ තැනක් තියෙනවා කියලා මිනිහට කියන්න කියලා කලින් එයාට කියලා තිබ්බා. දෙන්නම කන්තලේට එන්න ඇවිත් ටවුමේ එහාට මෙහාට යනකොට මම අහම්බෙන් දැක්කා වගේ ඇවිත් කතා කරලා අපේ ගෙදර එක්ක යන්නම්, එහේදී මෙයාට වැඩක් දෙමු කියලා. ඊට කලින් මම මගේ බිරිඳයි දරුවො දෙන්නටයි අවුරුදු නිවාඩුවට ගමට යන්න කියලා තුන් දෙනාම ගමට ඇරියා. ගෙදර හිටියේ මම විතරයි. 

පස්සේ මේ දෙන්නව ත්‍රී වීල් එකක නග්ගගෙන ටවුමෙන් අරක්කු බෝතලයකුයි බියර් බෝතලයකුයි තවත් කෑමට අවශ්‍ය දේවල් අරගෙන ගෙදර ආවා. රාත‍්‍රි 8 ට විතර අපි බොන්න පටන් ගත්තා. මම බීර බෝතලය බිව්වා, මෙයා අරක්කු බෝතලයම බිව්වා. පස්සේ තව ටිකක් ඕන කිව්වට පස්සේ වීල් එකක් යවලා තව භාගයක් ගෙනාවා. ඒකෙනුත් භාගයක් මෙයා බීලා ඉස්සරහ සාලේ දිග පුටුවේ හාන්සි වෙලා හිටියා. හොඳටම වෙරි. මේක තමයි හොඳම වෙලාව කියලා මම ගෙදර තිබුණ හොඳට කැපෙන මන්න පිහිය අරගෙන මෙයාගේ බිරිඳත් බලාගෙන ඉද්දී දෑත බදලා වැරෙන් පහරක් ඔළුවට එල්ල කළා. ඔළුවෙන් ලේ විදින්නත් මෙයා කෑ ගහන්නත් ගත්තා. පස්සේ බණ්ඩාර මැණිකේ බෙඞ්ෂීට් එකක් ගෙනත් කට වහලා ඔතා ගත්තා. මිනිහා මැරුණේ නැති නිසා මම ලණු පොටක් ගෙනල්ලා බෙල්ල හිර කළා. එතකොට එයා මිය ගියා. එතකොට රාත‍්‍රි 11 ට විතර ඇති. අපි දෙන්නම එකතු වෙලා ලැට් වළේ පියනක් ගලවලා මිනිය ලැට් වළට දාලා වහල ගේයි පුටුයි සේරම හොඳට හෝදලා 11.30 බස් එකේ නැගලා එයා දඹුල්ලේ එයැයිගේ ගෙදර ගියා. මම දරුවො එක්ක එන්න නුවර ගියා.“ යැයි සැකකරු කට උත්තරය මගින් පාපොච්චාරණය කර තිබේ. 

කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප‍්‍රියංකර ද සිල්වා මහතාගේ නියෝග මත මූලස්ථාන ප‍්‍ර.පො.ප විජේසිරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. තුෂාන් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූහ.

  1. පුතා ඉස්කෝලෙට නොගත්තාට වහලට නැග්ග අම්මා
  2. විරාත් කෝලිගෙන් තවත් වාර්තාවක්
  3. අයියා බේරගන්න කියා ලක්ෂ 50ක් කප්පම් ඉල්ලූ මධූෂ්ගේ කැප්ටන් මල්ලී
  4. ජනපති පුතුගේ විවාහ මංගලෝත්සවයේ කිසිඳු ඡායාරූපයක් මාධ්‍ය ඔස්සේ කරළියට නාවේ ඇයි?
  5. ෆේස්බුක් එකේ ලොකු කතා කියන හුඟක් අය වචනවලට පමණක් සීමා වෙලා
  6. ලොව දිගම නම ඇති ලොව වයස්ගතම විදුහල්පතිනිය හමුවුණෙමු
  7. එජාප 3ක් හා ශ්‍රීලනිප 3ක් බදියුදීන්ට එරෙහි වෙති - ඊබ්‍රාහීම් නිසා ජවිපෙට කිව්වේ නැහැ
  8. චෛත්‍ය රාජයාණන් ඉදිකිරීමට ගඩොල් කපන බුදු පුතුන්
  9. රණ්ඩු ඉවසන්න බැරි තැන පෙම්වතිය මරා පුළුස්සා දැම්මා - එක්දරු පියා සියල්ල වමාරයි
  10. අනුන්ගේ ගිණුම් තමුන්ගේ වගේ පාවිච්චි කළ ඒ.ටී.එම්. හොරෙක්

Page 4 of 236

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.