lakbima.lk

පොලිසියෙන් ගැබිණි මව්වරුන්ට සංග්‍රහයක් (PHOTOS)

 

ජාත්‍යන්තර කාන්තා දිනයට (08) සමගාමිව, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ප්‍රජා පොලිස් වැඩසටහන යටතේ  නල්ලතන්නිය ප්‍රදේශයේ තේ වතුවල පදිංචි අඩු ආදායම්ලාභි  ගැබිණි කාන්තාවන් 75 දෙනෙකුට දිවා ආහාරය හා එම කාන්තාවන් දරු ප්‍රශුතිය  සඳහා රෝහල් ගත කරන අවස්ථාවට අවශ්‍ය සායනික උපකරණ හා  ළදරුවන්ගේ  ඇඳුම් පැළඳුම් අඩංගු භාණ්ඩ කට්ටලයක් බෙදා දීමේ උත්සවයක් නල්ලතන්නිය “විජිත” හෝටලයේදී ඊයේ (06) පැවැත්විණි.

ගැබිණි කාන්තාවන් සඳහා දිවා ආහාර ලබා දීම සිදු කරනු ලැබුවේ නල්ලතන්නිය, විජිත හෝටලය පවත්වාගෙන යන නීතීඥ කපිල විජේසූරිය මහතා හා නල්ලතන්නිය පොලීසිය මගිනි. නල්ලතන්නිය නිඩාඩු නිකේතන හිමියන්ගේ සංගමය, නල්ලතන්නිය “සමණල” වෙළඳ සංගමය, ලින්ක් නැචුරල් (සමහන්) ආයතනය, නල්ලතන්නිය පොලිස්ථානාධිපති වරයා ඇතුලු එම පොලිස්ථානයේ නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් ගැබිණි කාන්තාවන් සඳහා භාණ්ඩ හා රෙදිපිළි බෙදා දීම සිදු කෙරිණි.

හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර  අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරි ආර්.ඩී.අලුත්ගමගේ යන මහත්වරුගේ උපදෙස් මත නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා ඇතුලු පොලිස්  නිලධාරින් විසින් මෙය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, හැටන් පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංහයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක කමණී,  මස්කෙළිය අතිරේක ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එච්.ඒ.එම්. ඉර්ෂාඩ්, නල්ලතන්නිය විජිත හෝටලය පවත්වාගෙන යන නීතීඥ කපිල විජේසූරිය, ලින්ක් නැචුරල් (සමහන්) ආයතනයේ නල්ලතන්නිය කාර්යාලයේ අලෙවි ප්‍රවර්ධන නිලධාරි චමින්ද බණ්ඩාර යන මහත්ම මහත්මීන්, මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ නිලධාරීන්,  පවුල් සෞඛ්‍ය නිලධාරින්, පොලිස් නිලධාරීන්, නල්ලතන්නිය වෙළඳ සංගමයේ සාමාජිකයින් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

 

 

මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගතිලක

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.