lakbima.lk

ලෙඩෙක් කියා මළ මිනියක් ගෙනවිත් වැඩ වරදී

 

මාරවිල සිට හැටන් දක්වා මිය ගිය මහළු කාන්තාවක් ත්‍රිරෝද රථයකින් රැගෙන ඒම සම්බන්ධයෙන් හැටන් පොලිසිය විසින් පරික්ෂණයක්  ආරම්භ කර ඇත.

මාරවිල  සිට හැටන් දික්ඔය ඔටරි වතුයාය දක්වා දැඩි අසනිප තත්ත්වයෙන් පෙලෙන 66 හැවිරිදි කාන්තාවක් රැගෙන යාමට අවශ්‍යය බව පවසා  මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මාරවිල ප්‍රදේශයේම පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකුට පවසා  කුලි පදනම මත ත්‍රිරෝද රථය රුපියල් 20000 කට ලබාගෙන එම මිය ගිය මහළු  කාත්නාව ත්‍රිරෝද රථයේ නංවාගෙන අනෙක් දෙදෙනාගේ ආධාරයෙන් වාඩිකරවාගෙන එම සිරුර අද (06) අලුයම දික්ඔය ඔටරි වතුයායට රැගෙන විත් තිබේ.

ත්‍රිරෝද රථ රියදුරා දික්ඔය ප්‍රදේශයේ නිවසට පැමිණෙන විට එම නිවසේ පදිංචිකරුවන් මළ ගෙයකට  සුදානම්ව සිටින ආකාරයක් දැක ගන්නට ලැබිමත් සමගම ඔහුට තේරි ඇත්තේ තමන්ව මුලා කරමින් කුලි පදනම මත ත්‍රිරෝද රථය ලබාගත් දෙදෙනා විසින්  රැගෙන පැමිණ ඇත්තේ මිය කාන්තාවකගේ සිරුරක් බවය.

එම සිරුර නිවසේ අයිතිකරුවන් විසින් භාර ගැනිමෙන් පසු ත්‍රිරෝද රථ රියදුරා හැටන් පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බව ඇති  බවයි හැටන් මුලස්ථාන පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමින් මහතා කියා සිටියේ.

ත්‍රිරෝද රථ රියදුරා පොලිසියට කරන ලද  පැමිණල්ලේ සදහන් කර ඇත්තේ තමන් රැගෙන  ආවේ  මිය ගිය කාන්තාවක් බව නොදැන සිටි බවත්, අංශභාග රෝගයෙන්  දැඩි අසනිප තත්ත්වයේ සිටින මහළු කාන්තාවක් රැගෙන යාමට අවශ්‍යය බව පවසා එම මිය ගිය කාන්තාවගේ ඥාතින් දෙදෙනෙකු විසින් තමන්ගේ ත්‍රිරෝද රථය කු පදනම මත ලබා ගත් බවයි.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා හැටන් පොලිසිය මගින් දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.