lakbima.lk

සැමියා ආදරේ නැහැ කියා ලියුමක් ලියා තීරණයක් ගත් තරුණ බිරිය

නිවසේ මුළුතැන්ගෙය තුළ ලියුමක් ලියා තබා, පිළියන්දල, මඩපාත ප‍්‍රදේශයේ තරුණ විවාහක කාන්තාවක් ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. පෙරේදා (28) දා සවස මෙලෙස දිවිනසාගෙන ඇත්තේ පිළියන්දල, මඩපාත, මාකන්දන පදිංචිව සිටි හේවාදුවගේ මධුෂිකා හංසනී (21)ය. දිවි නසාගත් තරුණ කාන්තාව හා සැමියා අතර පවුල් ආරවුල් ඇති වී තිබූ හෙළි වූ බව පොලිසිය පවසයි.


 
 සැමියා ආදරෙන් සලකන්නේ නැතැයි ලිපියේ සඳහන් වී තිබී ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැමියාගෙන් ද ප‍්‍රකාශයක් ලබාගත් බව ද පොලිසිය පවසයි.

මේ පිළිබඳව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් නවරත්න (62779) වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.