lakbima.lk

පොලිස් රාලහාමි සපා කෑ කැබ් රථ රියදුරුගේ බිරිඳ

රථවාහන රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් දෙපලකට පරැෂ වචනයෙන් බැනවැදි, ඉන් එක් නිලධාරියකු කැබිරථයකින් පැහැරගෙන ගොස් එම පොලිස් නිලදාරියාගේ අතක් සපා කා තුවාල සිදුකළ කාන්තාවක් හා කැබ්රථ රියදුරෙකු මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිලධාරීන් දෙදෙනා මොණරාගල - වැල්ලවාය මාර්ගයේ ජයසෙන්ගම ඉදිරිපිට රථවාහන සෝදිසි කිරීමේ රාජකාරි කටයුතුවල නිරතව සිට තිබේ.  පස්වරු 5.45 ට පමණ මොණරාගල දෙසින් පැමිණි කැබ්ථයකට නතර කරන ලෙස සංඥාවක් දී ඇතත් නතර නොකොට ඉදිරියට ගොස් ඇත. 

ඒ පසුපස රාජකාරී යතුරුපැදියෙන් ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගය හරස් කොට කැබ් රථය නතරකර තිබේ.  මාර්ග නීතිරීති කඩකරමින් කැබ් රථය ධාවනය කළ බව පොලිස් නිලධාරීන් රියැදුරුට දැනුම් දී දඩ කොළයක් නිකුත් කරන බව පවසා ඇත. ඒ අවස්ථාවේදී රියැදුරු රිය පණගන්වා ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී එක් පොලිස් නිලධාරියකු කැබ්ථයට ගොඩ වී ඇති අතර, එහි සිටි රියෑදුරුගේ බිරිඳ පොලිස් නිලධාරියාගේ උරහිස සපා කා තිබේ. පසුව කැබ් රථය ඉදිරියට ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් කැබ්ථයත් එහි රියැදුරුත් බිරිඳත් කැබ් රථයේ සිටි ළමයින් තිදෙනකුත් අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර උහන නුවරපාරේ පදිංචි කැබ් රථයේ රියැදුරු සහ ඔහුගේ බිරිඳ ඊයේ (30) මොණරාගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.  මොණරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප‍්‍රිය මහතා පරීක්ෂණ පවත්වයි. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.