lakbima.lk

ත්‍රිරෝද රථ රියැදුරෙකු සමඟ පවුල් කෑ 15 හැවිරිදි දැරිය ළමා නිවාසයට

ත්‍රිරෝද රථ රියෑදුරෙකු සමඟ ජීවත් වූ 15 හැවිරිදි බාල වයස්‌කාරියව මීගමුව ප්‍රදේශයේ පිහිටි බාලිකා රැඳවුම් මධ්‍යස්‌ථානයක රඳවා තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී.
 
 එම දැරියව දිවුලපිටිය පොලිසිය මගින් පසුගියදා මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අනාරක්‌ෂිත තත්ත්වයේ සිටින එම දැරියව බාලිකා ළමා නිවාසයක රඳවා තබන ලෙසට ඉල්ලා සිටියේය. ඒ අනුව දැරියව එසේ බාලිකා රැඳවුම් මධ්‍යස්‌ථානයේ රඳවා තබන ලෙසට නියම කළ වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරිය දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පරිවාස නිලධාරි වෙත නියම කළාය. 
 
 දැරියගේ මව අතහැර ගොස්‌ පියා මියගොස්‌ ඇති බවත් ගම්පොල ප්‍රදේශයේ පදිංචි ආච්චි අම්මාගේ රැකවරණයේ සිටියදී දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි සොහොයුරියගේ නිවසට පැමිණ, පසුව ත්‍රිරෝද රථ රියෑදුරකු සමඟ ජීවත් වෙමින් සිටියදී දිවුලපිටිය පොලිසිය ඇය සිය භාරයට ගෙන තිබිණි. සැකකාර ත්‍රිරෝද රථ රියැදුරාව ද රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.