lakbima.lk

ජල ගැල්මෙන් දිවි බේරාගත් දැරිය ළිඳකට බිළි - සිරුර තබන්නවත් තැනකුත් නැහැ

කිලිනොච්චිය,මලයාලපුරම් ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී 10 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
 
පොලිසිය පැවසූවේ අදාළ දැරිය ගෙවත්තේ තිබු අනාවරක්ෂිත ළිඳකට වැටී පෙරේදා (07) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. 
 
කිලිනොච්චිය,භාරතී විද්යා.ලයේ අධ්‍යාපනය ලැබු දැරිය නිවසේ කටයුතු වෙනුවෙන් ජලය ලබා ගැනීමට අනාරක්ෂිත ළිඳට ගොස් ඇති අවස්ථාවේ ළිඳට වැටී තිබේ.
 

පසුගියදා සිදුවු ජල ගැලීම්වලින් අදාළ දැරිය දිවි බේරාගෙන ඇති අතර, අනතුරුව සහන කඳවුරුවලින් මිදී නැවත නිවස වෙත පැමිණ සිටි අවස්ථාවේ ළිඳට වැටී ඇත.
 
දැරියගේ මෘත දේහය පවා තබා ගැනීමට ස්ථානයක්  අදාළ දැරිය ජිවත්වු පැල්පත තුළ නොමැති බව ප්‍රදේශවාසීන් පවසති.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.