lakbima.lk

ගිනිගත් තට්ටු පහේ ගොඩනැගිල්ලෙන් පියා දරුවන් බිමට දමා දිවි රැක දුන් හැටි (VIDEO)

මහනුවර යටිනුවර වීදියේ පිහිටි පස්මහල් සාප්පු සංකීර්ණයක අද (08) පෙරවරුවේ ඇති වූ ගින්නකින් එම ගොඩනැගිල්ලේ පස්වන මහලේ ජීවත් වූ දරුවන් තිදෙනෙකු සමඟ පවුලක් බිමට පැන දිවි බේරා ගැනීමට සමත් වූහ.

දරු තිදෙනෙකුගෙන් යුත් එම පවුල පදිංචිව සිට ඇත්තේ ගිනිගත් ගොඩනැගිල්ලේ පස්වැනි මහලේය. ගින්න දරුණු ලෙස පැතිරීම නිසා ඔවුනට පහළට ඒමට නොහැකි ලෙස හිරවී ඇත.

එහිදී එම පියා ගොඩනැගිල්ලේ පහළ සිටි පිරිසගෙන් උදව් ඉල්ලා ඇති අතර, දරුවන් පහළට දැමීමට හැර වෙන විකල්ප ක්‍රමයක් නොමැති වීම මත පහළ සිටි පිරිස් රෙද්දක් ඇද අල්ලා ගෙන සිටින විට පියා විසින් දරුවන් එක් කෙනා බැගින් පහළට විසිකරමින් දිවි බේරීමට කටයුතු කළේය.

ඉන් පසු ඔහු පස්වන මහලේ සිට සිව් වන මහලට වීදුරු කඩා පැමිණ බිරිඳට පහළට පනින විටම ඇය අල්ලා ගත්තේය. ඉන් පසු ඇය ද පහළ සිටි පිරිස අල්ලා ගෙන සිටි රෙද්ද මතට අත හැරීමට එම ධෛර්ය වන්ත සැමියා සමත් වුයේය.

ඉන් පසු ඔහු සිව් වන තට්ටුවන් තෙවන තට්ටුවට එල්ලී පැමිණ එතනින් පෙර පරිදිම පහළ සිටි පිරිස අල්ලා ගෙන රෙද්ද මතට පැන දිවි බේරා ගෙන ඇත.

එහිදී සුළු තුවලා ලද තිදෙනෙක් ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව ද මහනුවර මහනුවර රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.