lakbima.lk

ෆොන්සේකාට ගැහුවේ සුළු අවිවලින් - බර අවිත් සූදානම්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතාට තමන් තවම පහර දුන්නේ සුළු අවි වලින් පමණක් බවත්, ඔහු කිසියම් සමතයකට පැමිණි නිසා තමා දැනට නිහඬව සිටින බවත්, නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ලක්බිම සමග කියා සිටියේය.
 
මෙතෙක් තමා වාග් ප‍්‍රහාරය සඳහා භාවිත කළේ සුළු අවි බව ද අවශ්‍යනම් ඒ සඳහා බර අවිද ඇතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා, එම අවි පරිහරණය කිරීමට තවම අදහසක් නැති බව ද පැවසුවේය. මෙම මත ගැටුම නතර කරන ලෙස තමාට මෙතෙක් ආණ්ඩුවේ ඉහළින් දැනුම්දීමක් නොලැබුණු බව ද පැවසීය.
 
තමන් මෙම විරෝධය  දිගටම කරගෙන යන බවත්. මට මඩ ගහන්න ආවොත් මම මඩ නාවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුර‍ටත් පැවසීය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.