lakbima.lk

මෙවර ලෝක කුසලානයට ඉව අල්ලන ධනවත් ක්‍රීඩකයෝ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  ළඟ ළඟම එනවා. හරියටම කිව්වොත් මැයි මාසයේ 30 වැනිදා සිට ජූලි 14 වැනිදා දක්වා එංගලන්තයේ සහ වේල්ස් හිදී මේ තරග පැවැත්වීමට මේ වන විට සියලු දේ සැලසුම් කොට තිබෙනවා. මේ සඳහා ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් දහයක කණ්ඩායම් සහභාගී වීමට නියමිතයි.  පළමු තරගය ඕවල් ක්‍රීඩා පිටියේත්, අවසන් තරගය ලෝඩ්ස් ක්‍රීඩා පිටියේත් පැවැත්වීමටයි සැලසුම් කොට තිබෙන්නේ.

මේ එංගලන්තයේ සහ වේල්සයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පවත්වන පස්වැනි වතාවයි. මෙදා සැරේ පිටියට බහින ක්‍රිකට් ක්‍රීඩකයන් අතර අප දන්නා අය වගේම වැඩිපුර නොදන්නා අයත් ඉන්නවා. මේ තියෙන්නේ ඒවායෙන් සොයා ගන්නට පුළුවන් වුණු  ධනවත්ම ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ තොරතුරු ටිකක් පමණයි.

ධනවත්ම ක්‍රීඩකයෝ

ක්‍රිකට් ක්‍රීඩකයෝ බොහොමයක් දෙනා ධනවතුන්. මේ අතරිනුත් ඉහළ ධනයකට හිමිකම් කියන අය සිටිනවා. 2019 වසරේ ලෝක කුසලානයට තරග වදින කණ්ඩායමවල ක්‍රීඩකයන් අතරින් ධනවත්කමින් ඉහළින්ම සිටින්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි.

ඔහුගේ මුළු වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් වෙනවා. දෙවැනි තැනට පත්ව සිටින්නේද ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මහේන්ද්‍ර සිං දෝනි. ඔහුගේ වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් වෙනවා. මෙවර බටහිර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිස් ගේල් ද ක්‍රිකට් ලෝකයේ ධනවතෙක් හැටියට ප්‍රසිද්ධයි. ඔහුගේ මුළු වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් බව පැවැසෙනවා.

- නිරංජන් චාමින්ද කරුණාතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.